Sunday, October 1, 2023
spot_img

Latest Posts

මහජන බැංකුව අසාදු ලේඛනයෙන් ඉවතට

කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලයේ ආර්ථික හා වාණිජ්‍ය කාර්යාලය විසින් මහජන බැංකුව අසාදු ලේඛනයෙන් ඉවත් කර තිබෙනවා. චීන සමාගමක් මගින් ආනයනය කළ කාබනික පොහොර සඳහා නියමිත මුදල් ගෙවා අවසන් කිරීම හේතුවෙන් මෙම තීරණයට එළඹ තිබේ.

අදාල චීන සමාගම සහ ශ්‍රී ලංකාව එළඹි ගිවිසුමට අනුව පොහොර තොගය ප්‍රතික්ෂේප කළද මුදල් ගෙවීමට සිදු වූ අතර කෙසේ නමුත් අධිකරණ නියෝගයක් මත මුදල් ගෙවීම අත්හිටුවා තිබිණි.

මෙම තත්ත්වය මත මහජන බැංකුව අසාදු ලේඛනගත කිරීමට චීන තානාපති කාර්යාලය කටයුතු කළේය.

කෙසේ නමුත් දෙපාර්ශ්වය අතර ඇතිවූ එකඟතාවයක් අනුව අධිකරණ නියෝගය අත්හිටවූ අතර ඉන්පසු මහජන බැංකුව විසින් අදාල ගෙවීම් සඳහා ඩොලර් නිදහස් කළේය. මහජන බැංකුව අසාදු ලේඛනයෙන් ඉවත් කර තිබෙන්නේ ඒ අනුවයි.

චීනයෙන් ආනයනය කළ පොහොරවල පසට අහිතකර බැක්ටීරියා අඩංගු බව සාම්පල පරීක්ෂාවේදී තහවුරු වූ අතර පෙහොර තොගය ආපසු හරවා යැවිණි. කෙසේ නමුත් පොහොර ආනයනය වෙනුවෙන් ඩොලර් මිලියන 6.9 ක් ගෙවීමට සිදුවිය.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.