සුදු ඇන්දට මෛත්‍රී කියන්නේ ගුණමකුවෙක් – රවී මෛත්‍රීගේ සුදු රෙදි උණා දමයි.මෛත්‍රීට වෙන්නෙත් කොට්ටෝරුවට වුණ දේද? (VIDEO)

Date:

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සුදු ඇඳ ගත්තද ගුණමකු චරිතයක් බවට හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කළේය.

ඒ, අද (11) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

රවී කරුණානායක මහතා පිළිබඳව පසුගියදා හිටපු ජනාධිපතිවරයා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමට සහ හිටපු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් එම මාධ්‍ය හමුව කැඳවා තිබුණි.

හිටපු ජනාධිපතිවරයා චරිත ඝාතනය කළද තමන්ගේ දේශපාලන ගමන තුළ එවන් දේ සිදු කර නැති බවයි හිටපු අමාත්‍යවරයා පැවසුවේ.

2015 ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට පක්ෂයක් පවා නොමැතිව සිටියදී තමන් එම අවස්ථාවද මෛත්‍රීපාල සිරිසේන මහතාට උදා කර දුන් බව එහිදී කරුණානායක මහතා සිහිපත් කළේය.

ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට අදාළ චෝදනා සහිත ෆයිල් හතක් රවී කරුණානායක මහතා විසින් ඉදිරිපත් කළ අතර ඒවායේ අසත්‍යතාවක් ඇත්නම් ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස ද ඔහු සඳහන් කරන ලදී.

”උදව් කරන ඕනෑම කෙනෙක්ට වැඩියෙන්ම හානි කරන්න හදන පුද්ගලයෙක් තමයි මෙවැනි ගුණමකුවෙක් වශයෙන් මතක් කරන්නේ. දැන් පේනවා මාතලේ දිස්ත්‍රික් රැස්වීමේදී කිව්වේ එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායකගෙන් පස්සේ ඇමතිකමෙන් අස් කළා කියල. එතුමාට මතකයේ ප්‍රශ්නයක් තියෙන නිසා මතක් කරන්න කැමතියි. මහ බැංකුවක් මට අයිතිව තිබ්බේ නැහැ. එතුමාම ගැසට් කරපු එකේ තිබ්බේ රනිල් වික්‍රමසිංහට නොවේද? වාණිජ බැංකු මගේ ළඟ තිබුණේ නැහැ. එතුමාගේම ගැසට් එකෙන් දුන්නේ කබීර් හෂීම්ට නොවේද? මෙවැනි දේවල් පාවිච්චි කරලා තමයි චරිත ඝාතනය කරන්න හදන්නේ. එදා ප්‍රශ්නයක් තිබුණයි කියල පෙන්නුවට යූ.එන්.පී ය ආරක්ෂා කරන්න,රටේ කීර්ති නාමය සහ මගේ කීර්ති නාමය වෙනුවෙන් මම ඉල්ලා අස්වුණා නොවේද? ඒක කතා කරන කොට පාර්ලිමේන්තුවේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහද? සම්බන්ධන් මැතිතුමාද ඒ කතා කරපු ආකාරය මට තාම මතක තිබෙනවා. ඒ කතා කරපුවා අහගෙන හිටියා නම් මෙවැනි ප්‍රකාශ කරන්නේ නැහැ නේද? ඇත්ත ඇත්ත ආකාරයෙන් කියන එක තමයි දේශපාලනයේ සැබෑ තත්ත්වය. දේශපාලකයෝ බොරු කරලා එන්න අවශ්‍යතාවක් නැහැ. අද මේ රටේ හානියක් ඇති වුණා නම් ප්‍රජාතන්ත්‍රවාදීව මේ යහපාලනය ගේන්න හදපු ඒ අය නැත්තටම නැති කරන්න හදන එක පුද්ගලයෙක් තමයි මේ අද කතා කරන හිටපු ජනාධිපති” යනුවෙන් රවී කරුණානායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැසූ ගල් අත්තිවාරමට ගෙන බවුමා හැඳූ විජයග්‍රහණයේ මාළිගය

නිශ්මං රණසිංහ ජුනි 15, කොළඹ LNW: දකුණු අප්‍රිකාව කාලයක ඉදලා...

Sarkozy ට අහිමි වුණු “Legion of Honour”සම්මානය!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ප්‍රංශයේ සාකෝසිට ජාතියේ...

කෘත්‍රීම බුද්ධිය භාවිතය පිළිබඳව විශේෂ වැඩමුළුවක්

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : අද (15)දින අරලියගහ...

ඉරාන ඊශ්‍රායල් නොනිවෙන ගිනිදැල්!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ඊශ්‍රායලය විසින් තෙල්...