භූමිතෙල් කරත්තවලට නම් හොඳ කලක් උදාවෙයි (Video)

Date:

මේ වනවිට මැදිවියේ පසුවන පුද්ගලයන්, සිය කුඩා කාලයේදී මහමග දුටු භූමිතෙල් කරත්ත යළිත් දැක ගැනීමට වාසනාවන්ත වී තිබෙනවා. ඒ ඉන්ධන හා ගෑස් අර්බුදය හේතුවෙනි.

මේ වනවිට කොළඹ ඇතැම් ප්‍රදේශවල භූමිතෙල් කරත්ත සතුව තිබූ පුද්ගලයන් යළිත් භූමිතෙල් අලෙවිය ආරම්භ කර තිබෙනවා.

ගෑස් හිගය හේතුවෙන් බොහෝදෙනා ගෑස් වෙනුවට භූමිතෙල් භාවිතා කිරීමට යොමුව තිබේ. මේ නිසා භූමිතෙල් සඳහා දැඩි ඉල්ලුමක් ඇතිව තිබෙන අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඉන්ධන හල් ආශ්‍රිතව වෙනදා පෙට්‍රල්, ඩීසල් පෝලිම් වෙනුවට භූමිතෙල් පෝලිම් දක්නට ලැබෙනවා. භූමිතෙල් පෝලිම්වල රස්තියාදු වීමට වඩා නිවස ආසන්නයට පැමිණෙන භූමිතෙල් කරත්තයෙන් ඉතා පහසුවෙන් භූමිතෙල් මිලදී ගැනීමට හැකිවීම නිසා භූමිතෙල් ව්‍යාපාරය කොළඹ නරගයේ සාර්ථකව ක්‍රියාත්මක වන බවයි භූමිතෙල් අලෙවියේ නියුතු පුද්ගලයෙකු මාධ්‍ය වෙත පවසා තිබෙන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගුවනින් ආ රුසියානු ආධාර: ජංගම විදුලි බලාගාරයකුත් ඒ අතර

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW : ආපදා තත්ත්වයට ආධාර...

ආපදාව අස්සේ දුරකථන සම්ප්‍රේෂණ කුලුනුවල සවිකර තිබූ කේබල් සොරකම් කරලා..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW : ආපදාවට පත් ප්‍රදේශවල...

ගංගා සාමාන්‍ය තත්ත්වයට – ගංවතුර ඇඟවීම් ඉවත් කරයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අනතුරු ඇඟවීම් කරන ලද ගංගා ද්‍රෝණි...

ඇයි මේ සයිරන් ගහන්නේ එවන්නකො SMS එකක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමේදී පැරණි...