අදත් ප්‍රදේශ රැසකට මි.මී. 100ට වැඩි තද වැසි

සටහන – රුවන් නෙළුගොල්ල

අද (නොවැම්බර් 28) දිනයේදී උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවලට ප.ව. 01.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැක.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර සහ බදුල්ල දිස්ත්‍රික්කවලත් අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිංහබාහු නාඩගමෙන් පස්සෙ ….

සරච්චන්ද්‍රගෙ එළිමහන් රඟහලේ කළුවර පිරෙනවාඑදා ගල්ලෙන බින්ද සද්දේ තාම...

ඉතිහාසයේ පළමුවරට පඩි වැඩිකරලා බැනුම් අහන ආණ්ඩුව මේක. අපි ඇමතිලා පඩි නොගෙන වැඩ කරන්නේ – හඳුන් දුක කියයි

රාජ්‍ය සේවක වෘත්ති‍ය සමිති වැටුප් වැඩිවූ ආකාරය ප්‍රමාණවත් නොවන...

මාලිමාවට බලය හිමි පදියතලාවේ අයවැය දෙවැනි වරටත් වැඩි ඡන්ද 06කින් පරදී

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයට බලය හිමි පදියතලාව...

ට්‍රම්ප්ට එරෙහිව හඬ නැඟූ ස්පාඤ්ඤ අගමැති පෙද්‍රෝ සැන්චෙස්ට මැතිවරණ ජයග්‍රහණය ගැන දැඩි විශ්වාසයක්!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 27: ලෝක දේශපාලනයේ කැපීපෙනෙන...