2026 අ.පො.ස (සා.පෙළ) විභාගය සඳහා දැනුම් දීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 28, කොළඹ LNW:

2026 අ.පො.ස (සා.පෙළ) විභාගය සඳහා උපකාරක පන්ති දෙසැම්බර් 2 සිට තහනම්.

ඉදිරියේ පැවැත්වීමට නියමිත අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට අදාළ සියලුම උපකාරක පන්ති, සම්මන්ත්‍රණ සහ දේශන දෙසැම්බර් 2 වන දින මධ්‍යම රාත්‍රියේ සිට තහනම් කෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

විභාගය අවසන් වන තෙක් මෙම සීමා කිරීම ක්‍රියාත්මකව පවතින බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ගමගේ මහත්මිය ප්‍රකාශ කළාය.

2026 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් 8 වන දින සිට 17 වන දින දක්වා දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 3,519 කදී පැවැත්වීමට නියමිතය.

මේ අතර, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර ඇත්තේ 2026 වසරේ තුන්වන පාසල් වාරය දෙසැම්බර් 4 වන සිකුරාදා දිනෙන් අවසන් වන බවයි.

2027 නව පාසල් වසර ජනවාරි 4 වන දින ආරම්භ වන බව ද එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Black Friday: කළු පැහැයෙන් ඇරඹී ලොව පුරා සාප්පු සවාරි උන්මාදයක් බවට පත් වූ දිනය!

සටහන – පුලීනොවැම්බර් 28, LNW (කොළඹ): වසරේ අවසානය ළඟා වන විට...

කොච්චර උද්ඝෝෂණ කළත් මේ බජට් එකේ දශමයක්වත් වෙනස් කරන්නෙ නෑ ! – ඇමති ලාල්

සටහන - රුවන් නෙළුගොල්ල රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති කොතරම් උද්ඝෝෂණය...

කුවේටයේදී පුද්ගලයන් දෙදෙනකුට මරු කැඳවූ ඩ්‍රෝන යානය ඉරානයේ නිෂ්පාදිත එකක් බවට තොරතුරු

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 28: ඉතාලි විදේශ අමාත්‍ය...

පුත්තලමේ මාලිමා නගරාධිපති රින්සාද් පළතුරු විකුණන තරුණයෙකුට මහමගදී පහරදී පැනගිහින් !

ජාතික ජන බලවේගයට බලය හිමි පුත්තලම නගරසභාවේ නගරාධිපති රින්සාද්...