කොච්චර උද්ඝෝෂණ කළත් මේ බජට් එකේ දශමයක්වත් වෙනස් කරන්නෙ නෑ ! – ඇමති ලාල්

සටහන – රුවන් නෙළුගොල්ල

රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති කොතරම් උද්ඝෝෂණය කළත් මෙවර අයවැයේ දශමයක් හෝ සංශෝධනය නොකරන බව කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග හා පශූ සම්පත් අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා අවධාරණය කරයි.

“රාජ්‍ය සේවය ශක්තිමත් කළ යුතුමයි. ආයෙ දෙකක් නෑ. රාජ්‍ය සේවයේ වැටුප් වැඩිකළ යුතුමයි. ආයෙ කතා දෙකක් නෑ. දැන් අයවැය තුනකින් මූලික වැටුප වැඩිකළා. හතරවෙනි අයවැය තියෙන්නෙ දීමනා පිළිබඳ ප්‍රශ්නය මුළුමනින්ම විසඳන්න. ඔය එළියේ පොඩ්ඩක් නටන හින්දා මම මේ කියන්නෙ මේ දවස්වල. කොච්චර උද්ඝෝෂණ කළත් මේ බජට් එකේ දශමයක්වත් වෙනස් කරන්නෙ නෑ. මේක සංවර්ධනය ඉලක්ක කරලා තියෙන්නෙ. ඒක වෙනස් කරන්න බෑ. ඉතින් වෘත්තීය සමිතිවලට මේකෙ ප්‍රශ්නයක් තියෙනවානෙ, මොනවාහරි කරන්න ඕනෙ. නැත්නම් සමිති වඳවෙනවා, සමිති නැතුව යනවා”

කේ. ඩී. ලාල්කාන්ත මහතා මේ බව පැවසුවේ පෙරේදා (26) හිඟුරක්ගොඩ ප්‍රදේශයේදී පැවති උත්සවයක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුවේටයේදී පුද්ගලයන් දෙදෙනකුට මරු කැඳවූ ඩ්‍රෝන යානය ඉරානයේ නිෂ්පාදිත එකක් බවට තොරතුරු

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 28: ඉතාලි විදේශ අමාත්‍ය...

පුත්තලමේ මාලිමා නගරාධිපති රින්සාද් පළතුරු විකුණන තරුණයෙකුට මහමගදී පහරදී පැනගිහින් !

ජාතික ජන බලවේගයට බලය හිමි පුත්තලම නගරසභාවේ නගරාධිපති රින්සාද්...

අදත් ප්‍රදේශ රැසකට මි.මී. 100ට වැඩි තද වැසි

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 28) දිනයේදී උතුරු සහ...

සිංහබාහු නාඩගමෙන් පස්සෙ ….

සරච්චන්ද්‍රගෙ එළිමහන් රඟහලේ කළුවර පිරෙනවාඑදා ගල්ලෙන බින්ද සද්දේ තාම...