ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා මේ වනවිට ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රයක් ආරම්භ කර තිබේ.
ඒ, යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉවත් කරගන්නා ලෙසත් හරිනි අමරසූරිය මහත්මියට අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසත් බලකරමිනි.
ඉසුරුපාය ඉදිරිපිට තාවකාලික මඩුවක් ද ඉදිකර විමල් වීරවංශ මහතා සහ දරුවන් වෙනුවෙන් වැඩිහිටියෝ සංවිධානයේ පිරිසක් එහි සිට සත්‍යග්‍රහයේ යෙදෙන අතර ඔවුන්ට සහාය දෙමින් තවත් පිරිසක් එම ස්ථානයේ උද්ඝෝෂණයක නිරත වෙමින් සිටිති. එම ස්ථානයට පොලිස් ආරක්ෂාව ද යොදවා ඇත.






