ඇෆ්ගනිස්ථානයට මානුෂීය ආධාර

Date:

ඇෆ්ගනිස්ථානයේ රාජ්‍ය අංශයේ සේවකයින් දස දහස් ගණනකට ලබා දීමට තිරිඟු පිටි ලබා දීමේ වැඩසටහන පුළුල් කරන බව තලේබාන් සංවිධානය පවසා තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇෆ්ගනිස්ථානය සඳහා මානුෂීය ආධාර වශයෙන් ඩොලර් බිලියන 4.4 ක් (පවුම් බිලියන 3.2 ක්) ලබා දීමත් සමග තලෙයිබාන් සංවිධානය මෙම අදහස් පළ කර තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ එරටේ ජනගහනයෙන් අඩකට වඩා වැඩි පිරිසකට ආහාර අවශ්‍යතාවය ඉහල ගොස් ඇති බවයි.

අගෝස්තු මාසයේදී තලෙයිබාන් සංවිධානය විසින් පාලනය අත්පත් කර ගැනීමෙන් පසු ඇෆ්ගනිස්ථානයේ ආර්ථික හා මානුෂීය අර්බුදය බරපතල වී තිබේ.

ඇෆ්ගනිස්ථානයට ප්‍රදනය කරන මුදල් සම්බන්ධයෙන් දැඩි නීති රීති ක්‍රියාත්මක වුවද, ඔවුන්ගේ රජයට අරමුදල් සැපයීම සඳහා පරිත්‍යාගශීලීන් අතර පවතින්නේ හොද ආකල්පයක් නොවේ. මේ වන විට තලෙයිබාන් සංවිධානය විසින් කම්කරුවන් 40,000 කට පමණ තිරිඟු පිටි ලබා දීම සිදු කරයි.

ඇෆ්ගනිස්ථානයේ තලෙයිබාන් සංවිධාන කෘෂිකර්ම අමාත්‍යාංශයේ පරිපාලන හා මුදල් නියෝජ්‍ය අමාත්‍ය ෆාසල් බාරි ෆස්ලි පවසන පරිදි තලෙයිබාන් සංවිධානයට තවත් ටොන් 37ක් ලබා දෙන බවට පොරොන්දු වෙමින් පාකිස්තානයෙන් තිරිඟු ටොන් 18ක් සහ ටොන් 55කට වැඩි ප්‍රමාණයක් ඉන්දියාවෙන්ද බලාපොරොත්තු වේ.

මෑත මාසවලදී, තලෙයිබාන් සාමාජිකයින්ට සම්බාධක පැනවීම, මහ බැංකුවේ වත්කම් අත්හිටුවීම සහ විදේශ ආධාර අත්හිටුවීම වැනි ප්‍රධාන ගැටළු ගණනාවකින් රටේ මූල්‍යය ක්ෂේත්‍රට දැඩි ලෙස පහර වැදී ඇති අතර එය ඉදිරි වසර දක්වා බලපෑම් කර තිබේ.

පසුගිය අඟහරුවාදා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇෆ්ගනිස්ථානය සඳහා ඩොලර් බිලියන 4.4 ක මානුෂීය ආධාර සඳහා අභියාචනයක් දියත් කළේය.

ඇෆ්ගනිස්තානය දශක ගණනාවකට පසු එහි දරුණුතම ආහාර හිඟයකට මැදිව සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධාරණය කළේය.

සහන් හේවාගමගේ – අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විමල්ගේ අයථා වත්කම් නඩුව කල්යයි

සටහන - රුවන් නෙළුගොල්ල 2010 – 2014 සමයේ අමාත්‍යවරයකු ලෙස...

ඛනිජ තෙල් ගබඩා ටැංකි 06ක් ඉදිකිරීම ඇරඹේ!

කොළඹ LNW:කොළොන්නාව ඛනිජ තෙල් ගබඩා සංකීර්ණයේ, ඛනිජ තෙල් ගබඩා...

බීමත් රියදුරන් සහ අපරික්ෂාකාරී රිය පැදවීම් සම්බන්ධයෙන් පුද්ගලයින් රැසක් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 17, කොළඹ LNW : ඊයේ (16) දිනයේ දිවයින...

ස්විස්ට්සර්ලන්ත – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ තවත් අදියරක්!

කොළඹ LNW: ස්විස්ට්සර්ලන්ත - ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය...