වරදකරුවෙකු ප්‍රසිද්ධ කරන්න නියෝග

Date:

සෞදි අරාබියේ අධිකරණයක් ප්‍රථම වරට ලිංගික අතවර සම්බන්ධයෙන් වරදකරු වූ පුද්ගලයෙකු නම් කර ප්‍රසිද්ධියේ ලැජ්ජාවට පත් කරන ලෙස නියෝග කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

අසභ්‍ය ප්‍රකාශ භාවිතා කරමින් කාන්තාවකට හිරිහැර කිරීම සම්බන්ධයෙන් යසර් අල්-අරාවි මදීනාහි නැමැත්තා වෙත අපරාධ අධිකරණය විසින් මෙසේ වරදකරු කරනු ලැබීය.

ඒ අනුව, ඔහුට මාස අටක සිර දඬුවමක් සහ ඩොලර් 1,330 (පවුම් 980) දඩයක් නියම විය.

අපරාධකරුවන්ගේ නම් සහ දඬුවම් ඔවුන්ගේම වියදමින් ප්‍රාදේශීය පුවත්පත්වල පළ කිරීමට හැකිවන පරිදි එරටේ මේ සම්බන්ධ නීති අණපනත් වසරකට පෙර සංශෝධනය විය.

2018 දී බලාත්මක වූ නීතිය, ලිංගික හිරිහැර කිරීමේ ක්‍රියාවකට වැරදිකරුවන් වන අයට වසර දෙකක සිර දඬුවමක් සහ ඩොලර් 27,000 දක්වා දඩයක් දැනටමත් නියම කර ඇත.

නැවත නැවත වැරදි කරන්නන් වසර පහක් දක්වා සිරගත කිරීමටත් ඩොලර් 80,000 දක්වා දඩයකටත් යටත් වේ.

මෙම නීතිමය පියවරයන් තිබියදීත්, සමහර සෞදි කාන්තාවන් පැමිණිලි කර ඇත්තේ බලධාරීන් තවමත් හිරිහැර නතර කිරීමට ප්‍රමාණවත් ලෙස කටයුතු නොකරන බවයි.

සහන් හේවාගමගේ – අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...