සතියට දින 5යි, දවසට පැය 6යි – වැඩකරන ජනතාවට ජවිපෙ ස්ථාවරය ලාල්කාන්ත කියයි (VIDEO)

Date:

වැඩකරන ජනතාව දිනකට පැය 6ක් පමණක් සේවය කිරීම ප්‍රමාණවත්ය යන්න තම වෘත්තීය සමිති ව්‍යාපාරයෙහි ස්ථාවරය බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

“අපි උත්සාහ ගන්නේ අපේ රජයක්, අපේ පාලනයක් මේ රටේ ඉක්මනින්ම හදාගන්න. ඒකට අපට උදව් කරන්න. මේ කියන කතා හින්දා නෙවෙයි, ඒකට උදව් කරන්න. අපි කැමතියි සතියට දින පහක වැඩ මුරයක් නීතිගත කරන්න හෙදියන්ට. ඒක අපේ එක ස්ථාවරයක්. ඊළඟට, වැඩ කරන පැය ගණන. අපි එක්දාස් අටසිය ගණන්වල තමයි පැය 8ක වැඩ දිනයක් ඉල්ලුවේ. එතකොට ලෝකයේ විද්‍යාවේ, තාක්ෂණයේ දියුණුව හරි අඩුයි. හැබැයි දැන් අපි පැය 8ට එහා ගිහිල්ලා OT ත් කරනවා. පැය 8ක වැඩ දිනයක් ගන්න සටන් කරපු අපිම දැන් කියනවා පැය 8ට වඩා වැඩ අපට දීපියව් කියලා. එහෙම එකක් තියෙනවානෙ. ඉතින් අපි හෙද සේවයට පමණක් නෙවෙයි සමස්තවම අපේ ස්ථාවරය තමයි අපි ගේන්න ඕනෙ ලෝකයේ පැය 6ක වැඩ දිනයකට. දැන් අපි පැය 6ක වැඩ දිනය කියන පැත්තේ තමයි වෘත්තීය සමිති ව්‍යාපාරය ඉන්නෙ. ජාතික වශයෙන් විශේෂයෙන්ම. මොකද මිනිස්සුන්ට අවශ්‍ය භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරගන්න පැය 6කින් පුළුවන්”

ලාල්කාන්ත මහතා මේ බව පැවසුවේ “හෙදියන්ට ජීවිතයක්” මැයෙන් පැවැත්වූ සමුළුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රට මැද සහ අගනුවර යා කරන කොඳු ඇට පේළිය ; කඩුගන්නාව බේරා ගනිව් !

හරියටම මීට අවුරුදු හතරකට කලින් පහළ කඩුගන්නාවේ, අම්බලම පසු...

වැසි තත්වයේ වෙනසක් – අද (23) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින පුරා දැනට පවතින වැසි තත්ත්වය...

නුවර – කොළඹ මාර්ගය නැවත දැනුම් දෙනතුරු පහළ කඩුගන්නාවෙන් වසා තැබේ !

සටහන - රුවන් නෙළුගොල්ල නුවර - කොළඹ ප්‍රධාන මාර්ගය පහළ...

ජනතාවගේ බදු සල්ලිවලින්ම බෙහෙත් ටික ගෙනල්ලා ජනතාවට දීගන්න මේ ආණ්ඩුවට තවමත් බැහැ – GMOA

සටහන - රුවන් නෙළුගොල්ල රෝහල්වල නොමැති ඖෂධ සහ වෛද්‍ය උපකරණ...