රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW :
ලොව වඩාත්ම පරිසර හිතකාමී විශ්වවිද්‍යාල අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලය 200 වන ස්ථානයට පත්ව ඇත.
ඒ, 2026 UI GreenMetric ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම්වලට අනුවයි.
රටවල් 110ක විශ්වවිද්‍යාල 2,016ක් අතුරින් පේරාදෙණිය විශ්වවිද්‍යාලය මෙම ස්ථානය හිමිකරගෙන තිබේ.

මේ අතර, ලොව වඩාත්ම පරිසර හිතකාමී විශ්වවිද්‍යාල අතර කැලණිය විශ්වවිද්‍යාලය 237 වන ස්ථානයටත්, කොළඹ විශ්වවිද්‍යාලය 276 වන ස්ථානයටත් පත්ව ඇත.
මෙම දර්ශකයට අනුව, ශ්‍රී ලංකාවේ වඩාත්ම පරිසර හිතකාමී විශ්වවිද්‍යාලය ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලය පිළිගැනීමට ලක්ව තිබේ.



