අරක්කු සිගරට් මිල වැඩිවීම ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. ජීවිතය විඳින්න වැඩපිළිවෙලක් අපි හදලා තියෙන්නෙ – මාලිමා සුරවීර

සටහන – රුවන් නෙළුගොල්ල

මත්පැන් සහ දුම්වැටි මිල වැඩිවීම දැවෙන ප්‍රශ්නයක් නොවන බවත් විශේෂයෙන්ම කාන්තාවන් ඊට කැමැති බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා පවසයි.

යමෙක් මත්පැන්, දුම්වැටි භාවිතයෙන් ද සොයන්නේ විනෝදයක් බව පැවසූ ඒ මහතා ඒ වෙනුවට ජනතාවට ජීවිතය විඳීම සඳහා වෙනත් වැඩපිළිවෙලක් ඉදිරියේදී ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරන බවත් සඳහන් කළේය.

“ඇදගෙන නෑවේ ඒගොල්ලො. ඒක රටේ ජනතාව දන්නවා. මඩ අවලාද ගහන්න අපි අවස්ථාව දීලා තියෙනවා, ඒකෙ ප්‍රශ්නයක් නෑ. ඒක ඒගොල්ලොන්ගෙ වැඩේ. අපේ වැඩේ තමයි මේ රට හදන එක.

විවිධාකාරයෙන් කෙනෙක් සිගරට් එකක් බීලා විනෝද වෙනවා, තව කෙනෙක් අරක්කු ටිකක් බීලා විනෝද වෙනවා. එතකොට ඇත්තටම දැවෙන ප්‍රශ්නයක් නෙවෙයිනෙ අරක්කු මිල වැඩිවීම, සිගරට් මිල වැඩිවීම. ඇත්තටම කාන්තා පාර්ශ්වය ගත්තොත් එහෙම ඕකට වැඩියෙන්ම කැමතිවෙන පිරිස තමයි කාන්තා පාර්ශ්වය. අපි කොහොමත් ජීවිතය විඳින්න වැඩපිළිවෙලක් එක්ක තමයි ක්‍රියාවලියට අතගහලා තියෙන්නෙ”

දේවානන්ද සුරවීර මහතා මේ බව පැවසුවේ ජනාධිපතිවරයා විසින් සුරාබදු වැඩිකිරීම හේතුවෙන් මත්පැන් සහ දුම්වැටි මිල ඉහළ යාම සම්බන්ධයෙන් ඊයේ (12) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උදය ගම්මන්පිල නිදොස්කොට නිදහස් – මහාධිකරණය තීන්දු කරයි !

ඕස්‍ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකු වන බ්‍රයන් ෂැඩික් නමැත්තාට අයත් රුපියල්...

ඥානසාර හිමිට වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්...

රු. බිලි. 40 කට වැඩි ඉන්ධන සහන වැඩසටහනකට කැබිනට් අනුමැතිය !

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 29, කොළඹ LNW : මැදපෙරදිග පවතින ගැටුම්...

ලලිත්-කුගන් නඩුව සම්බන්ධයෙන් ගෝඨාභය අධිකරණය හමුවේ පෙනී සිටියි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 29, කොළඹ LNW: 2011 වසරේදී යාපනයේදී දේශපාලන...