ජයග්‍රහණයේ පර්‍යන්තය

Date:

කොළඹ වරාය ආසියාවේ ප්‍රධාන වරායක් ලෙස සලකනු ලැබූවද අද වරාය කටයුතු සම්බන්ධයෙන් පවතින්නේ උග්‍ර තරගයකි. කොළඹ වරාය තවදුරටත් ඉදිරියට ගෙන යෑමට නම්; මේ තරගයට මුහුණ දිය යුතුය.

සිංගප්පූරු වරාය, මැලේසියන් වරාය, මෙන්ම ඉන්දියාවේ ප්‍රධාන වරායයන් කිහිපයක් ද කොළඹ වරාය සමඟ සෘජු තරගයක යෙදී සිටී. ඉන්දියාවේ වරායන් ඇත. චෙන්නායි වරාය හා ජවහර්ලාල් නේරු වරාය කොළඹ වරාය සමඟ තරගයට පැමිණ සිටී. සිංගප්පූරුව ගොඩනැඟූ ලී ක්වාන් යූ මහතා වරක් කොළඹ වරායේ සේවකයන්ට සිය ස්තුතිය පළ කළේය. ඊට හේතුව ඔවුන් ක්‍රියාත්මක කළ වැඩ වර්ජනයක් නිසා සිංගප්පූරු වරාය දියුණු කිරීමට අවස්ථාව ලැබීමය.

කොළඹ වරායේ නැ‍ඟෙනහිර පර්යන්තයේ ඉදිකිරීම් ආරම්භ විය. එය මෙරට ආර්ථික සංවර්ධනයේ සුවිශේෂී අවස්ථාවක් සේ සැලැකිය හැකිය. අදියර දෙකක් යටතේ ඉදිකිරීම් කටයුතු සිදු වන අතර 2024 දී වැඩ නිමාකොට වෙළෙඳ කටයුතු ආරම්භ කිරීමට නියමිතය. මේ සඳහා වැය කරන මුළු මුදල අමෙරිකන් ඩොලර් කෝටි පනහකට වැඩිය. ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ සාමුද්‍රික කේන්ද්‍රස්ථානය බවට පත් කිරීම මෙහි ඉලක්කය වෙයි.

දැනට ලොව ඇති කාර්යබහුල වරායන් විසිපහ අතර කොළඹ වරාය පවතී. නැ‍ඟෙනහිර පර්යන්තය විවෘත කිරීමත් සමඟ කොළඹ වරායේ කටයුතු තවදුරටත් පුළුල් වී එය ලෝකයේ ප්‍රධානම වරායක් බවට පත් වනු ඇත.කොළඹ වරාය නවීකරණය වන්නට පටන් ගන්නේ 1980 ගණන්වල සිටය. එතැන් සිට සෑම ආණ්ඩුවක්ම පාහේ කොළඹ වරාය දියුණු කිරීමට පියවර ගෙන ඇති බව දැකගත හැකිය. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව වරාය කටයුතු පිළිබඳ ඉදිරි පියවරක් තබමින් හම්බන්තොට නව වරායක් ඉදිකළේය. නිදහසින් පසු බිහි වූ කිසිදු ආණ්ඩුවක් නව වරායක් හා නව ගුවන් තොටුපොළක් ඇති කිරීමට පියවර ගෙන නැත.රටක් ඉදිරියට ගෙන යෑම සඳහා අවශ්‍ය මූලික පියවර අමාරුවෙන් හෝ ගත යුතුය. හම්බන්තොට නව වරාය විවේචනයට ලක් කළ අය පසුව එය චීනයට බදු දුන්හ.

චීනය හම්බන්තොට වරායෙන් උපරිම ප්‍රතිඵල නෙළා ගනු ඇත. ශ්‍රී ලංකාව යනු විවේචකයන් වැඩි රාජ්‍යයකි.කොළඹ වරායේ නැ‍ඟෙනහිර පර්යන්තය යනු ‍තවත් ජයග්‍රහණයකි. මේ පර්යන්තය විවෘත කොට අන්තර්ජාතික වෙළෙඳාමේ ශක්තිමත් කොටස්කාරයකු වීමට අප වග බලා ගත යුතුය.

#ඇත්ත Facebook

Sponsored Article

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අයිස් හදපු තවත් ස්ථානයක් හම්බන්තොටින් හමුවෙයි!

කොළඹ LNW: අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කළැයි සැකකෙරෙන තවත් නිවසක්...

මරණයෙන් සතුටු වන්නේ වමයි, සටන් කරපියව්, නැතිනම් මැරියව්! – සංක්‍රමණිකයන්ට එරෙහිව කෝටිපති සංක්‍රමණිකයෙක් කියයි

මරණයෙන් සතුටු වන්නේ වමයි, සටන් කරපියව්, නැතිනම් මැරියව්! - සංක්‍රමණිකයන්ට එරෙහිව කෝටිපති සංක්‍රමණිකයෙක් කියයි

ඉන්දියාවේ වරාව් ග්ලෝබල් පදනම (Waraw Global Foundation) ශ්‍රී ලංකාවේ සේවයට පැමිණෙයි!

කොළඹ LNW:දුප්පතු සහ ආන්තිකකරණයට ලක්වූවන්ට අධිකරණමය යුක්තිය ලබා ගැනීමේ...