ඇත්ත හොයන්න බැරිනම් බොරු නොකර යුනිෆෝම් ගලවලා දාලා ගෙදර යන්න – කාදිනල් හිමි පොලීසිය නිරුවත් කරයි (VIDEO)

Date:

බොරැල්ල දේවස්ථානයක තිබී සොයා ගැනුණු බෝම්බය කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් විය හැකි බවට සැකයක් පවතින බව අතිඋතුම් මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන් වහන්සේ පැවසූහ.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ අද (13) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

එය කතෝලික දේවස්ථාන බිය ගැන්වීම සඳහා කළ කුමන්ත්‍රණයක් විය හැකි බවයි උන්වහන්සේ සඳහන් කළේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලීසියේ හැසිරීම ද සැකයට තුඩු දී තිබෙන අතර දේවස්ථානයේ CCTV දර්ශන අනුව උදය කාලයේ දේවස්ථානයට පැමිණ ඇති තැනැත්තා සම්බන්ධයෙන් සැකයක් පවතින අතර එම තැනැත්තා කවුද යන්න පොලීසිය සොයා ගත යුතු බවයි කාදිනල් හිමියන් පැවසුවේ.

නමුත් සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට අත්අඩංගුවේ පසුවන්නේ දේවස්ථානය පිරිසිදු කිරීමට මෙන්ම ආරක්ෂාවට යොදවා තිබෙන තැනැත්තා වන අතර තවදුරටත් අහිංසක මිනිසුන් බිල්ලට නොගෙන ඇත්ත සොයා ගැනීමට පොලීසිය කටයුතු කළ යුතු බව උන්වහන්සේ අවධාරණය කළහ.

”කාරණා කිහිපයක් තියෙනවා පොලීසිය ගෙනයන කතාව සත්‍යයෙන් තොරයි කියල පෙන්නුම්කරන අපිට.අපිට පේනවා මේක උදේ වරුවේ තියාපු බෝම්බයක්. එහෙම හිතන්න පුළුවන් සාධක අපට තිබෙනවා CCTV දර්ශන වල. කවුද මේක ගෙනත් තිබ්බේ කියන එක හොයන්නේ නැතුව අර පල්ලියේ වැඩකර කර ඉන්න, ඒක දැකල බය වුණ මිනිහව තමයි ඇතුළට දාන්න පොලීසිය කටයුතු කරලා තියෙන්නේ. එතන සත්‍ය හෙළිදරව් කරගැනීමේ උත්සහයක් නැහැ. එහෙම නම් උදේ වරුවේ ඉඳලම CCTV දර්ශන බලන්න ඕනේ. ඇයි කිව්වේ තුනෙන් පස්සේ විතරක් බැලුවහම ඇති කියල. මේවගේ අපට ප්‍රශ්නාර්ථ රාශියක් තිබෙනවා මේ පරීක්ෂණ ගැන. පොලීසිය කරන දේ ගැන. අපිට පේනවා මේකේ ඇත්ත හොයනවට වැඩිය කතන්දරයක් ගොතන බවක් පේනවා. ඒ නිසා පොලීසියේ මේ ක්‍රියාදාමය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. අපි කියනවා හරියාකාරව පරීක්ෂණය කරන්න කියල කියනවා. අහිංසක මිනිස්සු බිල්ලට දීලා මේක පිටුපස්සේ තියෙන කුමන්ත්‍රණ වහන්න අපේ ඉතිහාසය පුරාවටම පොලීසිය කරලා තියෙන දේවල් දිහා බලනකොට මේකත් ඒවගේ එකක්ද කියන ප්‍රශ්නය එනවා. ”

නිලධාරීන් පළමුව අවංක විය යුතු අතර පොලීසිය ඇත්තේ දේශපාලකයින්ට අවශ්‍ය ලෙස ගැතිකම් කිරීමට නොවන බවයි උන්වහන්සේ පැවසුවේ.

ඇත්ත වෙනුවෙන් පෙනී සිටීමට නොහැකි නම් බොරු නොකර යුනිෆෝම් ගලවා ගෙදර යන ලෙසද කාදිනල් හිමියන් පොලීසියට සඳහන් කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...