ගල් අඟුරු ටෙන්ඩරයේ වංචාවක් වෙලා තිබෙන බව පැහැදිලියි. වහාම විමර්ශනයක් ඕනෑ – පුබුදු සාක්ෂි පෙන්වයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

නොරොච්චෝලේ විදුලි බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු සැපයීම සඳහා 2025 වසරේ ප්‍රදානය කරන ලද ටෙන්ඩරයේ වංචනික කටයුත්තක් සිදුව ඇතැයි යන්න ඉතාම පැහැදිලි බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

මෙහිදී සපයන ගල් අඟුරු වල ශක්ති උත්පාදනය 5900 KCal/kg හෝ ඊට වඩා වැඩිවිය යුතු බව ටෙන්ඩර් කැඳවීම සඳහා පළ කළ දැන්වීමේම සඳහන්ව ඇති අතර එම අගය ඊට අඩුවන්නේ නම් එම ගල් අඟුරු තොග ප්‍රතික්ෂේප කළයුතු බව ටෙන්ඩර් ගිවිසුමේ සඳහන්ව ඇති බවයි ඒ මහතා සඳහන් කරන්නේ.

එහෙත් මේ වනවිට නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයට ගොඩබා ඇති ගල් අඟුරුවල ගල් අඟුරු වල ශක්ති උත්පාදනය 5600 – 5800 KCal/kg අතර යැයි ලක්විජය බලාගාරයේ රසායනාගාරයේ වාර්තාවෙන් හෙළිවී ඇති බැවින් මෙහිදී පැහැදිලිවම වංචාවක් සිදුව ඇති බවත් ඒ සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් සිදුකළ යුතු බවත් ජයගොඩ මහතා අවධාරණය කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (14) කාලගුණ නිවේදනය

සටහන - රුවන් නෙළුගොල්ල හෙට (ජනවාරි 15) දින සිට දිවයිනේ...

ලෝකෙටම 25 යි. ඩඩ්ලි සිරිසේන ලංකාවේ මිල අධිකම කාර් එක ගෙදර ගෙනෙයි !

අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති, කෝටිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා...

කොළඹ අයවැය : මාලිමාවට හේත්තු වුණු බුහාරිගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම වළකමින් උසාවි නියෝගයක්

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ මහ නගරසභාවේ අයවැය සඳහා දෙවැනි...

Tasty Tuesdays: උතුරු අප්‍රිකාවේ සිට ඔබේ පිඟානට ගෙන එන රසවත් කතන්දරේ!-Shakshouka, the One-Pan Wonder

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): ආයුබෝවන් ආහාර ලෝලීනි! මේ...