අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති, කෝටිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා මිලදීගත් නවතම මෝටර් රථය වන Rolls-Royce Phantom 8 Series 2 EWB මෝටර් රථය රේගු කටයුතු අවසන් කර නිවසට රැගෙන ගොස් තිබේ.
මෙය ශ්‍රී ලංකාවේ දැනට ඇති මිල අධිකම, අධි සුඛෝපභෝගී මෝටර් රථය බව පැවසේ.
මෙම මෝටර් රථය රොල්ස් රොයිස් සමාගමේ 100 වැනි සංවත්සරය වෙනුවෙන් විශේෂයෙන් නිෂ්පාදන කළ මාදිලියක් වන අතර එයින් ලෝකයටම ඇත්තේ මෝටර් රථ 25ක් පමණක් බවයි ඩඩ්ලි සිරිසේන මහතා සඳහන් කරන්නේ.







