වැලිකඩ ඝාතනය : මරණ දඬුවම නියම වූ එමිල් රංජන්ට බන්ධනාගාර රෝහල් සැප

Date:

වැලිකඩ බන්ධනාගාරයෙහි රැඳවියන් 8 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම පිළිබඳ නඩුවෙන් වැරදිකරු වී මරණීය දණ්ඩනය නියම වී සිටින හිටපු බන්ධනාගාර අධිකාරී එමිල් රංජන් ළමාහේවාට බන්ධනාගාර රෝහලෙහි නැවතී සිටීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් පහසුකම් සලසා ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමකදී බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා ප්‍රකාශ කර තිබුණේ හිටපු බන්ධනාගාර අධිකාරී එමිල් රංජන්ට සෙසු රැඳවියන්ගෙන් තර්ජන එල්ල විය හැකි බැවින් මෙසේ ඔහුව බන්ධනාගාර රෝහලට යොමු කළ බවකි.

ඒ අනුව ඔහුට විශේෂ ආරක්ෂාවක් ද ලබාදී ඔහුව බන්ධනාගාර රෝහලෙහි නවත්වා ඇති බව සඳහන්.

වැලිකඩ බන්ධනාගාරයෙහි සෙසු ඒකකවලට සාපේක්ෂව බන්ධනාගාර රෝහල යනු ඉතාම සැප පහසුකම් සහිත ස්ථානයකි. විශේෂයෙන් දේශපාලනඥයින්, ඉහළ රජයේ නිලධාරීන්, ව්‍යාපාරිකයින් වැනි අය බන්ධනාගාරගත කෙරුණු විට ඔවුන් සෞඛ්‍යමය හේතූන් පෙන්වා බන්ධනාගාර රෝහලට පැනගන්නේ ඒ නිසාය.

මෙවර බන්ධනාගාර දෙපාර්තමේන්තුව තමන්ගේ පැරණි සගයාට විශේෂ සැලකිල්ලක් දක්වමින් කිසිදු රෝගී තත්වයක් නොමැතිවත් ඔහුට බන්ධනාගාර රෝහල් සැප ලබාදීමට පියවර ගෙන ඇති බව පෙනේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...