වැක්සින්, මාස්ක් අනිවාර්ය කිරීමේ බයිඩ්න්ගේ තීන්දුවට ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වාරණයක් !

Date:

මහා පරිමාණ ඇමරිකානු සමාගම්වල සේවකයන්ට කොවිඩ් ප්‍රතිශක්තීරකරණ එන්නත් ලබා ගැනීම අනිවාර්ය කරමින් සහ මුහුණු ආවරණ පැළඳීම, දෛනිකව කොවිඩ් පරීක්ෂණවලට පෙනී සිටීම අනිවාර්ය කරමින් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ගෙන ඇති තීරණය අත්හිටුවමින් ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා.

මෙම නියෝගය නිකුත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කර තිබෙන්නේ බයිඩ්න් සිය බලතල අභිබවා කටයුතු කර ඇති බවයි.

මෙම තීරණය අත්හිටුවා රජයේ ප්‍රතිපාදන මත ක්‍රියාත්මක එන්නත්කරණ මධ්‍යස්ථාන හරහා රාජ්‍ය සේවකයන්ට එන්නත් ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කරන ලෙසටද ශ්‍රේෂ්ඨාධිකරණය ඇමරිකානු ජනාධිපතිවරයාට දන්වා තිබෙනවා.

බයිඩ්න්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීරණය පිළිබඳව හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රසාදය පළ වී තිබේ. ඔහු පවසන්නේ වත්මන් ජනාධිපතිවරයාට කොවිඩ් මර්දන වැඩපිළිවෙල හරහා ඇමරිකානු ආර්ථිකය තවදුරටත් පසුබෑමට ලක්වනු ඇති බවයි. විශේෂයෙන්ම එන්නත් අනිවාර්ය කිරීම හරහා ආර්ථිකයට දැඩි බලපෑමක් සිදුවන බව හිටපු ජනාධිපතිවරයා පවසා තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මධුෂානි තායිලන්තයේදී දෙපාරක් රත්තරන් වෙයි

නිශ්මං රණසිංහ ජුනි 24, කොළඹ LNW: තායිලන්ත විවෘත මලල ක්‍රීඩා...

කොළඹ කොටස් වෙළඳපොලේ දැවැන්ත කඩාවැටීමක් !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල දැවැන්ත...

ඉරානය සහ ඊශ්‍රායලය සටන් විරාමයකට එකඟ වුණා – ඇමරිකානු ජනාධිපති නිවේදනය කරයි

ඉරානය සහ ඊශ්‍රායලය පූර්ණ සටන් විරාමයකට එකඟ වූ බව...