නැවුම් ප්‍රශ්න වලට නැවුම් විසඳුම් දෙන SJB මෙහෙයුම! (VIDEO)

Date:

වර්තමානයේ රට මුහුණ දෙන බරපතල ගැටලුවලට නැවුම් විසඳුම් ලබාදෙමින් රට වැටී තිබෙන සමාජ, ආර්ථික, දේශාපාලන ප්‍රපාතයෙන් ගොඩදමන නැවුම් මෙහෙයුම සමඟි විහිදුම් බලඝනය බව ප්‍රේමදාස මහතා පැවසුවේය.

අතිදුර්වල රාජ්‍ය පාලනයක් තුළ සහ කොවිඩ් වසංගතයේ ව්‍යාප්තිය මත රට දැඩි කණගාටුදායක, ඛේදනීය තත්ත්වයකට නිර්මාණය වී ඇති බවයි ප්‍රේමදාස මහතා සඳහන් කළේ.

විපක්ෂ නායකයා මේ බව සඳහන් කළේ අද (14) සමඟි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලයේදී විහිදුම් බලඝණයේ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

තරුණ පරපුරට හොඳ හෙට දවසක් ඇති කිරීම මෙහි අරමුණ බවද විපක්ෂ නායකයා කියා සිටියා.

මෙතෙක් කල් දේශපාලන අතකොළුවක් බවට පත් වුණ තරුණ පරපුර ඒ යදම් වලින් මුදවා නව ප්‍රගතිශීලි වැඩපිළිවෙලක් තුළ ස්වාධීනත්වය, ස්වෝත්සාහය, දෙපයින් නැගී සිටීමේ අවස්ථාව යොවුන් පරපුරට ලබා දීමට කටයුතු කරන බවයි ඔහු සඳහන් කළේ.

ඒ අනුව රට ගොඩ දැමීමට කැමති කතාවට වැඩිය වැඩට දක්ෂ ක්‍රියාකාරී වැඩපිළිවෙලට එකතු වීමට කැමති පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සියලුම තාරුණ්‍යයට ආරාධනා කරන බවද හෙතෙම කියා සිටියේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිමය රාමුව:ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම දක්වා!

https://open.spotify.com/episode/4vn7HbqMbUcmcsfv2wTYPG?si=jLxWMLqeSPiUkBZfhHnBeQ ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:යුධමය තත්ත්වයකින් හා සන්නද්ධ අරගලයන්ගෙන් සමන්විත වූ...

TikTok යෙදුමට බාලවයස්කරුවන් ඇබ්බැහි වන සුළුයි: යුරෝපා සංගමය

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපා සංගමය විසින්...

අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය මාධ්‍ය සංදර්ශන පවත්වනවා – අමාත්‍ය ආනන්ද විජේපාල

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය...

ජපන් වැසියෝ මහ මැතිවරණය හමුවේ දැඩි ආර්ථික පීඩනයකට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ පැවැත්වීමට නියමිත...