නැවුම් ප්‍රශ්න වලට නැවුම් විසඳුම් දෙන SJB මෙහෙයුම! (VIDEO)

Date:

වර්තමානයේ රට මුහුණ දෙන බරපතල ගැටලුවලට නැවුම් විසඳුම් ලබාදෙමින් රට වැටී තිබෙන සමාජ, ආර්ථික, දේශාපාලන ප්‍රපාතයෙන් ගොඩදමන නැවුම් මෙහෙයුම සමඟි විහිදුම් බලඝනය බව ප්‍රේමදාස මහතා පැවසුවේය.

අතිදුර්වල රාජ්‍ය පාලනයක් තුළ සහ කොවිඩ් වසංගතයේ ව්‍යාප්තිය මත රට දැඩි කණගාටුදායක, ඛේදනීය තත්ත්වයකට නිර්මාණය වී ඇති බවයි ප්‍රේමදාස මහතා සඳහන් කළේ.

විපක්ෂ නායකයා මේ බව සඳහන් කළේ අද (14) සමඟි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලයේදී විහිදුම් බලඝණයේ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

තරුණ පරපුරට හොඳ හෙට දවසක් ඇති කිරීම මෙහි අරමුණ බවද විපක්ෂ නායකයා කියා සිටියා.

මෙතෙක් කල් දේශපාලන අතකොළුවක් බවට පත් වුණ තරුණ පරපුර ඒ යදම් වලින් මුදවා නව ප්‍රගතිශීලි වැඩපිළිවෙලක් තුළ ස්වාධීනත්වය, ස්වෝත්සාහය, දෙපයින් නැගී සිටීමේ අවස්ථාව යොවුන් පරපුරට ලබා දීමට කටයුතු කරන බවයි ඔහු සඳහන් කළේ.

ඒ අනුව රට ගොඩ දැමීමට කැමති කතාවට වැඩිය වැඩට දක්ෂ ක්‍රියාකාරී වැඩපිළිවෙලට එකතු වීමට කැමති පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සියලුම තාරුණ්‍යයට ආරාධනා කරන බවද හෙතෙම කියා සිටියේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ග්‍රෑන්ඩ් හයට් හෝටල් ගොඩනැගිල්ල විකිණීමට ලංසු කැඳවයි

Sinolanka සහ Helanco යන හෝටල් සමාගම්වල මව් සමාගම වන...

මං හිතන්නෙ හිටපු කථානායක රන්වලට ආචාර්ය උපාධි සහතිකයක් නෑ – ඇමති බිමල්

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු කථානායක අශෝක රන්වල මහතාට ආචාර්ය...

නීතිපතිට එරෙහිව දෝෂාභියෝගයක් ගේන සාකච්ඡාවක් දැනට නැහැ – කැබිනට් ප්‍රකාශක

සටහන - රුවන් නෙළුගොල්ල නීතිපති පාරින්ද රණසිංහ (කනිෂ්ඨ) මහතාට එරෙහිව...

Tasty Tuesdays: නේපාලයේ නම ගිය සහ හිත පිරෙන කෑමක්! Dal Bhat – Tradition You Can Taste

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW):  පරිප්පු සුප් (පරිප්පු)...