Sunday, October 1, 2023
spot_img

Latest Posts

දිනෙන් දින අලුත්වෙවී දියුණු වන අපේ මාර්ග පද්ධතිය

රටක මාර්ග පද්ධතිය දියුණු වෙනව කියන්නෙ ඒරටේ දියුණුවට ප්‍රධානම සාධකයක් කියල අපි හොදටම දන්නව. රත්තරන් වලටත් වඩා වටින කාලය ගොඩක් ඉතුරුකරගන්න පුළුවන් වෙන්නෙ රටේ මාර්ගවල දියුණුවත් එක්කම කියල අපි දන්නව. යුද්දෙන් පස්සෙ එවක ජනපති මහින්ද රාජපක්ෂ ආරම්භ කරපු මහමාර්ග විප්ලවය අදටත් ඒ විදියටම තියෙනව. අපි මේවිදියට ලිව්වෙ අපේ රටේ ඉදිවෙන ලස්සණම අධිවේගී මාර්ගය වන මීරිගම – කුරුණෑගල මධ්‍යම අධිවේගයේ දෙවන අදියර

හෙට එනම් 15දා විවෘත වන බවට පුවත් අපි මාධ්‍යයෙන් දැක්කට පස්සෙ මෙන්න ඒ විස්තර
මීරිගම – කුරුණෑගල මධ්‍යම අධිවේගයේ දෙවන අදියර මෙම මස 15 වැනිදා විවෘත වේ.
මහාමාර්ග හා යටිතල පහසුකම් සංවර්ධනය රටක ආර්ථික වර්ධනය සඳහා එල්ල කරන්නේ ඍජු බලපෑමකි. විශේෂයෙන් ආර්ථික වශයෙන් පසුගාමී කලාපවල තිරසර ආර්ථික වර්ධනයක් ළඟා කර ගැනීම සඳහා වන උත්තේජනය මාර්ග සංවර්ධනය වේ.

ශ්‍රී ලංකාවේ මහාමාර්ග පද්ධතියට අලුතින් එක් වූ අධිවේගී මහාමාර්ග, වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා මෙරට ජනාධිපතිවරයා සහ මහාමාර්ග අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවදියේ එක් කළ සංකල්පයකි.

කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය ඉදිකිරීමත්, දක්ෂිණ අධිවේගී මාර්ගය කඩිනමින් ඉදිකිරීමත්, එය හම්බන්තොට – මත්තල දක්වා දීර්ඝ කිරීමත්, මහනුවර සහ දඹුල්ල දක්වා දිවෙන මධ්‍යම අධිවේගී මාර්ගය තැනීමේ මූලික අඩිතාලම දැමුවේ ද මහින්ද රාජපක්ෂ මහතා මෙරට ජනාධිපතිවරයා සහ මහාමාර්ග අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ කාලයේදීය.

මූලික සැලසුම් අනුව උතුරු අධිවේගී මාර්ග ව්‍යාපෘතිය ලෙස නම් කර ක්‍රියාත්මක කරන ලද මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා රජය විසින් ප්‍රමුඛතා ව්‍යාපෘතියක් ලෙස හඳුනාගෙන මධ්‍යම අධිවේගී මාර්ගය ලෙස නම් කර ක්‍රියාත්මක කරන ලද්දකි.

ඒ අනුව 2014 වසරේ නොවැම්බර් මාසයේ දී එවකට ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ මහින්ද රාජපක්ෂ මහතා විසින් කුරුණෑගල, ගලගෙදර, රඹුක්කන සහ ගලේවෙල යන ප්‍රදේශවල මේ සඳහා මුල්ගල තබනු ලැබීය. නමුත් 2015 වසරේදී ආණ්ඩු පෙරළියත් සමඟ එම ගිවිසුම් අවලංගු කර නැවත කොන්ත්‍රාත්කරුවන් තෝරා ගෙන මධ්‍යම අධිවේගී මාර්ගය ලෙස නම් කර 2017 වසරේ දී ඉදිකිරීම් ආරම්භ කෙරිණි.

මෙහිදී පළමු අදියර ලෙස කඩවත සිට මීරිගම දක්වා කි.මී. 37.09ක්, දෙවන අදියර ලෙස මීරිගම සිට කුරුණෑගල දක්වා කි.මී. 40.91ක්, තෙවන අදියර ලෙස පොතුහැර සිට ගලගෙදර දක්වා කි.මී. 32.5ක් සහ සිව්වන අදියර ලෙස කුරුණෑගල සිට දඹුල්ල දක්වා කි.මී. 58.5ක ඉදිකිරීම් ක්‍රියාත්මකය.

ඒ අනුව මීරිගම සිට කුරුණෑගල දක්වා ඉදිකර ඇති මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියරේ දුර කි.මී 40.91කි. පාරිසරික සහ සමාජීය බලපෑම් අවම වන පරිදි ඉදි කළ මෙම අධිවේගී මාර්ග පථය නාගරික ප්‍රදේශ මග හරිමින් ප්‍රධාන වශයෙන් ගමන් ගන්නේ හිස් ඉඩම් හරහාය. මංතීරු 4ක් යටතේ ඉදිකළ මෙම මීරිගම සිට කුරුණෑගල දක්වා මාර්ග කොටස දැනට ශ්‍රී ලංකාවේ අලංකාරම අධිවේගී මාර්ග කොටස ලෙස හැඳින්වීම අතිශයෝක්තියක් නොවේ.

සුද්දගෙ කාලෙ සති දෙකක් විතර ගිය කොලඹ – නුවර ගමන අද වෙනකොට පැය 4 වගේ කාලයකට අඩුවෙලා තියෙනව. මධ්‍යම අධිවේගී මාර්ගය සම්පූර්ණ වුණට පස්සෙ ඒ ගමන පැය එකහමාරකට වගේ අඩුවෙයි කියල තමා ගණන් හදල තියෙන්නෙ. මේව මෙහෙම වෙද්දි හයිවේ හදන්නෙ ඇඹුල් තියල් , මීකිරි ගෙනියන්නද නැත්නම් කන්නද කියල අහපු ගොබිලොත් ඒකාලෙ අපේ රටේ හිටිය කියල අපි හොදටම දන්නව. ඒ ගොබිලන්ට මේවගේ දේවල් පේන්න බෑ. ඕකට තමා අපි කියන්නෙ උපන් ගෙයි කුහකකම කියල.

කුහකයො ලෝකෙ කොතනත් ඉන්නව. ඒ කුහකයන්ට බම්බු ගහගන්න කියල මේවගේ ගමනක් පටන් ගත්තම ඒ කුහකයො ටික නන්නත්තාරයි කියලත් අපි දන්නව. ඇත්තටම අද වෙන කොට වෙන්නෙත් ඒකම තමා කියල අපිට විශ්වාසයක් තියෙනව.

යූ, ඩී Facebook

Sponsored Article

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.