යුධ හමුදා සාමාජිකයින් සංඛ්‍යාව ක්‍රමිකව විශාල ප්‍රතිශතයකින් අඩුකිරීමට සැලසුම්

Date:

දැනට ලක්ෂ දෙකක් වශයෙන් පවතින ශ්‍රී ලංකා යුධ හමුදාවේ සාමාජිකයින් සංඛ්‍යාව ලබන වසර වනවිට එක් ලක්ෂ තිස්පන් දහසක් දක්වා අඩුකිරීමට බලාපොරොත්තු වන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

“මේ රටේ ශ්‍රී ලංකා යුද හමුදාවට අනුමත සංඛ්‍යාව 200,783 යි. 2024 වසර වනවිට අපි ශ්‍රී ලංකා යුද හමුදාවේ මුළු ඇස්තමේන්තුගත සංඛ්‍යාව 135,000 දක්වා අඩුකරන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව තව 2030 වනවිට අපේ හමුදාව 100,000 ක පමණ ප්‍රමාණයකින් පවත්වාගෙන යන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නෙ. ඒක කරුණු හදාරලා අවබෝධයෙන් අවධානයෙන් ගත්තු තීරණයක්.

ජාතික ආරක්ෂාවත් ආර්ථිකයත් එකම කාසියක දෙපැත්ත. ජාතික ආරක්ෂාවට ඕනෑම රටක් ප්‍රමුඛත්වය ලබාදෙනවා. ඒ අනුව ඕනෑම රජයක් අයවැයකින් වැඩිම මුදලක් ජාතික ආරක්ෂාවට වෙන් කරන්නේ ඒ ප්‍රමුඛතාවය සලකලා. ජාතික ආරක්ෂාව පවතිනතාක් රටේ ආර්ථිකය ශක්තිමත් වෙනවා. ඉතින් අපි රජයක් හැටියට හැමවිටම ජාතික ආරක්ෂාවට ප්‍රමුඛත්වය දෙන්න කටයුතු කරනවා”

යුද හමුදා සාමාජිකයින් සංඛ්‍යාව අඩු කළ ද එය කිසිසේත්ම ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන බවත් රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Epstein ලිපිගොනුවල ගෑවුණු නම් අතර Stephen Hawking ගේ නමත්?

සටහන – පුලී පෙබරවාරි 06, LNW (කොළඹ): Jeffrey Epstein ගේ...

අද ලංකාවේ පස් දෙනෙක් චීනයේදී තරග බිමට

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: චීනයේ පැවත්වෙන ගෘහස්ත ආසියානු...

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඉන්දියාවේ සංචාරයක

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඉන්දියාවේ...

වැසි තත්වයේ වෙනසක් – අද (06) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 06) දිනයේදී නැගෙනහිර, ඌව...