ඉරානයේ දකුණු වෙරළ තීරයේ Qeshm දූපත සහ Bandar Lengeh ප්‍රදේශවලින් පිපිරීම් රැසක්

සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 03:
ඉරානයේ රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වන IRNA පවසන පරිදි, ඊයේ(02)රාත්‍රියේ ඉරානයේ දකුණු වෙරළබඩ ප්‍රදේශවල පිපිරීම් කිහිපයක් එක දිගට සිදුව ඇති බවට වාර්තා කෙරේ,

ඉරානයේ දකුණු වෙරළ තීරයට ඔබ්බෙන්, හෝර්මුස් සමුද්‍ර සන්ධිය ආසන්නයේ පිහිටි මෙම දූපතට ඉහළින් ගුවන් යානා දෙකක් පියාසර කරනු දුටු බව ඇසින් දුටු සාක්ෂිකරුවන් ඇති බවයි එම ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරන්නේ,

එක්සත් ජනපද නිලධාරීන් උපුටා දක්වමින් වෝල් ස්ට්‍රීට් ජර්නල් හා ඇසෝසියේටඩ් ප්‍රෙස් වාර්තා කර තිබුණේ, හෝර්මුස් සමුද්‍ර සන්ධියේ වාණිජ නැව්ගත කිරීමට ඉරානයට ඇති හැකියාව සීමා කිරීම අරමුණු කරගනිමින් එක්සත් ජනපද හමුදාව මෙම ප්‍රහාර සිදු කළ බවයි.

ඉරානයට එරෙහි එක්සත් ජනපද ප්‍රහාර නැවත ඇතිවීම වැළැක්වීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික උත්සාහයන් තීව්‍ර වෙමින් පවතින අතරතුර මෙම පිපිරීම් වාර්තා වන අතර ඉරානය මෙම පිපිරීම්වලට හේතුව මෙතෙක් නිල වශයෙන් තහවුරු කර නොමැත. එමෙන්ම සිදුවීමෙන් සිදුවූ ජීවිත හානි හෝ දේපළ හානි පිළිබඳව ද මෙතෙක් නිල තොරතුරු අනාවරණය වී නොමැත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිවි පිදූ රණවිරුවෙකුගේ පවුලේ සාමාජිකයින් හමු වූ යුද්ධ හමුදාපති!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW: යුද්ධ හමුදාපතිතුමා දිවි පිදූ...

ක්‍රිෂ් නඩුවට පෙනී සිටින්න නාමල් අධිකරණයට රැගෙන එයි!

කොළඹ LNW:ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු...

ප්‍රධාන රෝහල් කිහිපයකට නව අධ්‍යක්ෂවරු!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW: පත්වීම් ප්‍රදානය සෞඛ්‍ය හා...

‘සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ’ පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 20ක පිටපත් කථානායකට!

කොළඹ LNW:සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ’ පනත් කෙටුම්පතට අභියෝග කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය...