සටහන – රුවන් නෙළුගොල්ල
මුදල් විශුද්ධිකරණ චෝදනාවකට ලක්ව සිටි යෝෂිත රාජපක්ෂගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් එම නඩුවෙන් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියම කර තිබේ.
ඩිමෙන්ෂියා රෝගී තත්වයෙන් පෙළෙන ඇය මෙම නඩු විභාගයට මුහුණ දීම සඳහා සුදුසු මානසික තත්වයක නොසිටීම හේතුවෙන් මෙසේ ඇයව නඩුවෙන් නිදහස් කර ඇත.
වයස අවුරුදු 98ක් වන ඩේසි ෆොරස්ට් මෙසේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනාවන්ට ලක්ව සිටියේ යෝෂිත රාජපක්ෂ සමග එකම නඩුවකට අදාළව ය. යෝෂිත රාජපක්ෂට එරෙහිව එම නඩු විභාගය තවදුරටත් ක්‍රියාත්මක වේ.
ඔහුට අදාළ චෝදනා අද (03) දිනයේදී විවෘත අධිකරණය හමුවේ කියවා තිබුණු අතර එහිදී ඔහු එම චෝදනාවන්ට තමන් නිවැරදිකරු යැයි ප්‍රකාශ කර තිබිණි.


