*
Saturday, May 4, 2024
spot_img

Latest Posts

යුද හමුදාව සහ ගුවන් හමුදාව පිරිමි සහ කාන්තා ජයග්‍රහණ බෙදා ගනිති – මහනුවර වැලිසරටම ඇවිත් නාවිකයන්ට ප්‍රහාරයක්

සටහන – නිශ්මං රණසිංහ

ජනවාරි 14 කොළඹ (LNW): නිපොන් පේන්ට් ජාතික රග්බි ලීග් තරගාවලිය යටතේ, සිකුරාදා දිනයේ ශ්‍රී ලංකා යුද හමුදා පිරිමි සහ කාන්තා කණ්ඩායම්,ශ්‍රී ලංකා ගුවන් හමුදා පිරිමි සහ කාන්තා කණ්ඩායම් අතර හමුවක් සිදු වූයේ ගුවන් හමුදාවට අයත් රත්මලාන ක්‍රීඩාංගණයේදීය.එහිදී තරග දෙකේම අවසානය දැක් වුණේ ජයග්‍රාහී කණ්ඩායමට ලකුණු 17 ක් සහ පරාජිත කණ්ඩායමට ලකුණු 14 ක් යනුවෙන්ය.එහෙත් එහි ජයග්‍රාහණය පිරිමි තරගයේදී ගුවන් හමුදාවට වීමත්,කාන්තා තරගයේදී යුද හමුදාවට වීමත් විශේෂයක් විය.

කාන්තා තරගයේදී යුද හමුදා ජයග්‍රහණය වෙනුවෙන් උත්සාහක දිණුම් තුනක් වාර්තා විය.එහිදී එච් සී නෙත්මි,පියුමි නිසංසලා සහ උමයංගනා තත්සරණි උත්සාහක දිණුම් වාර්තා කළ අතර ඉන් එක උත්සාහක දිණුමක ප්‍රවර්තනය සාර්ථක කර දීමට චරිනි ලියනගේ සමත් විය.ගුවන් හමුදාව වෙනුවෙන් වාර්තා වූ උත්සාහක දිණුම් දෙක අයේශා කළුආරච්චි සහ ක්‍රිෂ්ණකුමාර් හෙකෂානි විසින් වාර්තා කළ අතර එම උත්සාහක දිණුම් දෙකේම ප්‍රවර්ථන අයේශා කළුආරච්චි විසින් සාර්ථක කර ගැනීමට සමත් වූවාය.

පිරිමි තරගය වඩාත් තියුණු වූ අතර පළමු අර්ධයේ පෙරමුණ ගැනීමට සමත් වූයේ යුද හමුදාවය.යුද හමුදා කණ්ඩායම තරගයේ රැස් කරන ලද මුළු ලකුණු ප්‍රමාණය වූ ලකුණු 14 ම පළමු අර්ධයේ ලබා ගැනීමට සමත් වූ අතර ගුවන් හමුදාවට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 10 කි.එහෙත් තරගයේ දෙවන අර්ධය ගුවන් හමුදාවේ ආරක්ෂක පෙළ යුද හමුදාවට සෙළවෙන්නටවත් නොදෙමින් ලකුණු 14 ම රඳවා තබා ගනිමින් සිය ලකුණු ප්‍රමාණයට ලකුණු 7 ක් එක් කර ගන්නට සමත් විය.ඒ අනව අවසානයේ ලකුණු 17 – 14 ක් ලෙස පිරිමි තරගයේ ජය ගුවන් හමුදාවට හිමි විය.

ගුවන් හමුදා කණ්ඩායමේ ලකුණු 17 වෙනුවෙන් නිශාන් පීරිස් සහ ශෂික ප්‍රනාන්දු වාර්තා කළ උත්සාහක දිණුම් දෙකේම ප්‍රවර්ථන සාර්ථක කර දෙන්නට ගයන්ත ඉද්දමල්ගොඩ සමත් විය.එසේම ගයන්ත ගුවන් හමුදාව වෙනුවෙන් ලැබුණු නිදහස් පහරක් ද සාර්ථක කර ගනිමින් ගුවන් හමුදාව වෙනුවෙන් එකතු කරන ලද ලකුණු 7 ත් සමඟ මුළු ලකුණු ප්‍රමාණය 17 දක්වා ඉහළ නංවා ගන්න ගුවන් හමුදාවට හැකි විය.යුද හමුදාව වෙනුවෙන් අශාන් බණ්ඩාර සහ නාලක මධුරංග උත්සාහක දිණුම වාර්තා කළහ.එම උත්සාහක දිණුම් සාර්ථක ප්‍රවර්ථන බවට පත් කරන්නට අශාන් බණ්ඩාර සහ චමත් ප්‍රනාන්දු සමත් වූහ.

සෙනසුරාදා දිනයේදී අපරාජිතයන් ලෙස තරගාවලියේ රැදී සිටින මහනුවර කණ්ඩායම නාවික හමුදාව සමඟත්,සීආර් කණ්ඩායම හැව්ලොක්ස් කණ්ඩායම සමඟත් ගැටිණි.නාවික හමුදාව සමඟ ගැටෙන්නට මහනුවර ක්‍රීඩකයෝ වැලිසර නාවික පිටියට ආහ.එහිදී නාවිකයන්ට ආගන්තුක මහනුවරින් දරුණු ප්‍රහාරයකට ලක්වන්නට සිඳු විය.අවසාන ප්‍රතිපලය ලකුණු 48 – 7 කි.පළමු අර්ධයේදී ද නාවිකයන් රැස් කර සිටියේ ලකුණු 7 කි.මහනුවර ලකුණු 17 කි.දෙවන අර්ධයේදී නාවිකයන්ට එරෙහි සටන වඩාත් තීව්ර කළ මහනුවර නාවික හමුදාවට එකඳු ලකුණක් හෝ ලබා නොඳුන්නා පමණක් නොව තමන් සිය ලකුණු පූවරුවට 31 ක් එකතු කර ගන්නට ද සමත් විය.

මහනුවර වෙනුවෙන් උත්සාහක දිණුම් 7 ක් වාර්තා විය.ඒවා ලවන්ග පෙරේරා,ධනුෂ්ක රන්ජන්,තරින්ද රත්වත්ත,තිළිණ බණ්ඩාර,හේෂාන් ජෙන්ෂන්,කවිඳු පෙරේරා සහ උචිත ජයසූරිය විසින් වාර්තා කරන්නට යෙදිණ.එයින් උත්සාහක දිණුම් තුනකම ප්‍රවර්ථන සාර්ථක කළ තරින්ද රත්වත්ත නිදහස් පහරක් ද සාර්ථක කරමින් සිය කණ්ඩායමට ලකුණු 14 ක් එකතු කර දෙන්නට සමත් විය.නයිජල් රත්වත්ත ද සාර්ථක ප්‍රවර්ථන දෙකකට දායක විය.නාවික හමුදාව වෙනුවෙන් වාර්තා වූ එකම උත්සාහක දිණුම අමිත් මධුශංක වාර්තා කළ අතර එහි ප්‍රවර්ථනය ඉසුරු කෝන්ගහවත්ත සාර්ථක කර දෙන්නට සමත් විය.

ලොන්ඩන් පෙදෙසේ සිය සත්කාරකත්වය යටතේ හැව්ලොක්ස් කණ්ඩායමට මුහුණ දුන් සීආර් ක්‍රීඩකයින් තරගයේ පළමු අර්ධය නිමා කළේ ලකුණු 3- 7 ක් ලෙස පසුපසින් සිටිමින්ය.එහෙත් දෙවන අර්ධයේදී සත්කාරකත්වයේ ගෞරවය ආරක්ෂා කර ගනිමින් සිය පිටියේ වාසිය ගත් සීආර් ක්‍රීඩකයෝ ලකුණු 22 ක් එක් කරන්නට සමත් වූහ.ඒ හැව්ලොක්ස් ක්‍රීඩකයන්ට ලකුණු 3 ක් පමණක් ලබා දෙමින්ය.සීආර් කණ්ඩායම රැස් කළ ලකුණු 25 ට අයත් වූ උත්සාහක දිණුම ප්‍රමාණය 4ක් විය.ගැමුණු චේතිය,කවීන් ශ්‍රී විකුම්,කුෂාන් තරිඳු සහ ලෂින්ඳු කරුණාතිලක උත්සාහක දිණුම්වල හිමිකරුවෝ වූහ.එම උත්සාහක දිණුම හතරෙන් එකක ප්‍රවර්ථනය සාර්ථක කර දෙන්නට තේමික නානායක්කරට හැකි විය.ෂුබයිර් දොරේ එක් නිදහස් පහරක් ලබා ගත්තේය.හැව්ලොක්ස් කණ්ඩායම වෙනුවෙන් වාර්තා කළ එකම උත්සාහක දිණුමේ හිමිකරු උදය ජයපාලය.සැමුවෙල් මධුවන්ත එහි ප්‍රවර්ථනය සාර්ථකව නිමා කළේය.ජනිත් චන්දිමාල් එක උත්සාහක දිණුමකින් දායක විය.තරගයේ අවසාන ප්‍රතිපලය ලකුණු 25 – 10 ක් ලෙස,ලොන්ඩන් පෙදෙසේ සත්කාරකයන්ට ජය ගෙන දෙමින් නිමාවට පත් විය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan