සුරාබදු නිලධාරීන් පිරිසකගේ දූෂණ ගැන මත්පැන් බලපත්‍රධාරීන්ගෙන් නම් ගම් සහිතවම පැමිණිලි !

සුරාබදු දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාලවල සේවය කරන ඇතැම් නිලධාරීන්ගේ දූෂිත කටයුතු පිළිබඳව ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රධාරීන්ගේ සංගමය සුරාබදු කොමසාරිස් ජනරාල් උදය කුමාර පෙරේරා මහතාට ලිඛිතව පැමිණිලි කර තිබේ.

මත්පැන් බලපත්‍ර අලුත් කිරීමේදී අවශ්‍ය ලේඛන ලබාදීම සඳහා මත්පැන් සහ මුදල් ඉල්ලා තර්ජනය කිරීම, ඇතැම් නිලධාරීන් සිය පවුලේ සාමාජිකයින්ගේ නමට මත්පැන් බලපත්‍ර ලබාගෙන තිබීම, එසේ ලබාගත් බලපත්‍ර අතිවිශාල මුදලකට විකුණා තිබීම, ඇතැම් නිලධාරීන් විශාල වශයෙන් අයථා වත්කම් රැස්කරගෙන තිබීම යනාදී සිද්ධීන් සම්බන්ධයෙන් නම් ගම් සහිතවම එම සංගමය පැමිණිලි කර තිබීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රධාරීන්ගේ සංගමය විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට සහ මූල්‍ය අපරාධ කොට්ඨාසයට පිටපත් සහිතව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට යොමු කර ඇති සම්පූර්ණ ලිපිය පහතින් දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මට්ටක්කුලියේ බිහිසුණු රිය අනතුරකින් තිදෙනෙක් මරුට. තවත් 8 දෙනෙකුට තුවාල !

මට්ටක්කුලිය, රාස්සමූණකන්ද ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක්...

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...