තර්මිකා ඇති කළ විශ්වාසය නේපාල කාන්තා ෆුට්සාල් සිහිනය බිඳ දමයි

සටහන – නිෂ්මං රණසිංහ

ජනවාරි 15, LNW (කොළඹ): දකුණු ආසියාවේ නේපාල පාපන්දු රැජිණන් පාපන්දුවේම විකාශයක් වන ෆුට්සාල් ක්‍රීඩාවේ දී සම කරන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හැකි වුණා.පාපන්දු ක්‍රීඩාව තුළ විශාල පරතරයකින් හ්‍රී ලංකාව අභිබවා යන නේපාලයට ෆුට්සාල් ක්‍රීඩාවේදී එම හැකියාවන් පෙන්වීමට ඉඩ නොඳුන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තරගය ගෝල 2-2 ක් ලෙස නිමා කරන්නට සමත් වුණා.

තරගය ඇරඹී පළමු විනාඩියේදීම ක්‍රියාත්මක වූ තර්මිකා සිවනේස්වරන් ශ්‍රී ලංකාවට ලබා දුන් ගෝලය තරගයට දැඩි ආත්ම විශ්වාසයකින් පිවිසෙන්නට සහ රැදී සිටින්නට ශ්‍රී ලංකා කන්ඩායමට ශක්තියක් එකතු කරනු ලැබුවා.එහෙත් පාපන්දු තාක්ෂණය අතින් ඉහළ මට්ටමක සිටින නෝපාල ක්‍රීඩිකාවන් ශ්‍රී ලංකා දැල ආක්‍රමණය කරන්නට විශාල උත්සාහයක් දැරුවත් දැල රකින්නි අශානි පින්නවලගේ අවස්ථා දෙකකදී හැරෙන්නට ඇයව ඉක්මවා යන්නට නේපාල ප්‍රහාරයන්වලට ඉඩ ලබා දුන්නේ නැහැ.

කෙසේ නමුත් නේපාලය තරගයේ වැඩි වාසි අත් කර ගනිමින් තරගය නිමාව සටහන් වීමට ආසන්න වන තුරුම පාහේ ශ්‍රී ලංකාවට එරෙහිව 2-1 ක් ලෙස ඉදිරියෙන් සිටියා.එහෙත් තරගය අත් නොහැර විශාල බලාපොරොත්තුවකින් තරග වැදුණ ශ්‍රී ලංකා ක්‍රිඩිකාවන්ට කණ්ඩායමක් හැටියට පරාජය නොවී සිටිය හැකිය යන විශ්වාසයෙන් ක්‍රීඩා කිරීම අගය කළ යුතුයි.ඒ මානසික මට්ටම විසින් සකස් කර තිබුණ ශරීරය මනරම් ගෝලයකින් නේපාල ලකුණු ගණන සම කරන්නට තිරින්දි වැලිවිට සමත් වුණා.එය ඒ මොහොතේ තරින්දි විසින් ලබා ගත් ප්‍රහාරයේ ආකාරය ඇය පමණක් නොවේ ශ්‍රී ලංකා කණ්ඩායමම දැරූ විහ්වාසය ප්‍රදර්ශනය කරන්නක් වූවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Academy Museum Gala 2026; හොලිවුඩයම තරු එළියෙන් බැබළුණු රාත්‍රියක්!

සටහන – පුලී ඔක්තෝම්බර් 18, LNW (කොළඹ):සිනමාවේ අසිරිය, හොලිවුඩයේ දිදුලන තරු...

අලි ඇතුන්ට වෙඩි තැබීමේ සිද්ධීන් පිටුපස සංවිධානාත්මක ජාලයක් පවතීදැයි විමර්ශන.

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18, කොළඹ LNW : අලි ඇතුන්ට වෙඩි...

 Hyron Andrewsගේ අකල් වියෝව සහ ක්‍රීඩාවේ මානුෂීය බැඳීම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18, කොළඹ LNW : ප්‍රංශයේදී සහෝදරත්වයේ ගෞරවාදරය...

ප්‍රංශයේ ශිෂ්‍ය අරගලය සහ එහි පසුපස ඇති සැබෑ තත්ත්වය..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 18, කොළඹ LNW : 2026 ඔක්තෝබර් මාසයේදී...