කව්ශිනි ගේ සටනේ අභිලාෂය ගිලිහෙයි – හර්ෂිතාලට පළමු පරාජය

Date:

සටහන – නිෂ්මං රණසිංහ

ජනවාරි 15, LNW (කොළඹ): ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් සංවිධානය කරන්න යෙදුණ කාන්තා විස්සයි විස්ස ලීග් තරගාවලියේ අපරාජිතව පෙරමුනේ සිට හර්ෂිතා සමරවික්‍රම නායකත්වය දරණ බ්ලු කණ්ඩායම ලකුණු 4 න් ග්‍රීන් කණ්ඩායම ඉිරියේ පරාජය ලැබුවා.ඒ ඔවුන් මේ තරගාවලියේ ලද පළමු පරාජයයි.

බ්ලූ කණ්ඩායම වෙනුවෙන් තනිව සටන් කළ කව්ශිනි නෘත්‍යාංගනා උදේහිකා ප්‍රබෝධනී යවන ලද විසිවන ඕවරයේ පස්වන පන්දුව වන විට ලකුණු පරතරය ලකුණු 6 දක්වා අඩු කර තිබුණත් ඇය පස්වන පන්දුවේදී දැවී යාම නිසා තරගයේ ජයග්‍රහණය ඔවුන් වෙතින් ගිලිහී ගියා.කොළඹ සීසීසී පිටියේ පැවති මෙම තරගයේදී ග්‍රින් කණ්ඩායම පළමුව පන්දුවට පහර දී කඩුලු 5 ට ලකුණු 122 ක් රැස් කර ගත්තා.පිළිතුරු ඉණිමේ 19 වන ඕවරය නිමාවන විට බ්ලූ කන්ඩායම ලකුණු කඩුුලු 5 ට ලකුණු 114 ක් ලබා සිටියා.

ඒ වන විට පිටියේ විශිෂ්ඨ ඉණිමක් ගොඩ නඟමින් ලකුණු 41 ක් ලබා බ්ලූ කණ්ඩායමේ බර දෙ‘උර මත තබාගෙන සිටි කව්ශිනී සිටියේ පහරදීමේ අන්තයේ නොවේ.එ අවස්ථාව ඇයට ලබා දීම වෙනුවට මුල් පන්දු දෙකේදී අමා කාංචනා සහ දෙව්මි විහංගා දැවී ගියා.අමා දැවි ගියේ ලකුණු 2 ට උත්සාහ කරමින් දිව යද්දීයි.දෙව්මි ලකුණු නොලබාම දැවී ගියා.පන්දු තුනකදි ලකුණු 6 ක් ව තිබූ ඉලක්කයට ඇයඋත්සාහ කරද්දී තරගයේ පස්වන පන්දුවට පළපුරුදු උදේශිකාට ගොඳුරුවීමෙන් තරගයෙන් ලකුණු 4 ක ජයක් ලබා ගන්නට ග්‍රීන් කණ්ඩායමට හැකි වුණා.උදේශිකා පන්දුවාර 4 තුළ ලකුණු 17 ට කඩුලු 2 ක් දවා ගත් අතර බ්ලූ කණ්ඩායම වෙනුවෙන් කවිශිනි හැරුණු විය හර්ෂිතා සමරවික්‍රම ලකුණු 27 ක් එක් කර ගන්නට සමත් වුණා.
ග්‍රීන් කන්ඩායම වෙනුවෙන් එහි නායිකා හසිනි පෙරේරා වර්ථමානයේ ඇය ඉතාමත් හොඳින් පන්දුව දකිමින් සිටින බවට තව දුරටත් සාක්ෂි සපයමින් පන්දු 65 දී ලකුණු 71 ක් රැස් කරන ලැබුවා.හතරේ පහර 7 ක් සහ එක් හයේ පහරකින් හැඩ වූ එම ඉණිම මත හුදෙකලා ශක්තියෙන් ගොඩ නෑඟූ ලකුණු පූවරුවක් වූ ලකුණු 122 ට බ්ලූ කණ්ඩායම වෙනුවෙන් බාධාවන් ඇති කළ පන්දු යවන්නියන් අතර සත්‍යා සංදීපනී කැපී පෙණුනා.ඇය ලකුණු 24 ට කඩුලු 3 ක් හිමි කර ගනු ලැබුවා.
මේ තරගාවලිය ජයග්‍රහණය කිරීම වගේම ඒ ඒ දක්ෂතා ඇති අයගේ දක්ෂතා උරගා බැලීම සඳහා ද යොදා ගැනීම අපේක්ෂා කරන බැවින් හර්ෂිතා මේ තරගයේදීත් පන්දු යැවීමේ හැකියාව ඇති පන්දු යවන්නියන් හත් දෙනෙකු භාවිතා කරනු ලැබුවා.හොඳ ඉලක්කයකට පන්දු යවමින් සිටි අමා කාංචනා පන්දු ඕවර් 2 ක් සීමා නොකළානම් බොහෝ විට ලකුණු 122 පූවරුව තව සුළු ලකුණු ගණනකින් හෝ අඩු කර ගන්නට තිබුණා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිමය රාමුව:ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම දක්වා!

https://open.spotify.com/episode/4vn7HbqMbUcmcsfv2wTYPG?si=jLxWMLqeSPiUkBZfhHnBeQ ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:යුධමය තත්ත්වයකින් හා සන්නද්ධ අරගලයන්ගෙන් සමන්විත වූ...

TikTok යෙදුමට බාලවයස්කරුවන් ඇබ්බැහි වන සුළුයි: යුරෝපා සංගමය

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපා සංගමය විසින්...

අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය මාධ්‍ය සංදර්ශන පවත්වනවා – අමාත්‍ය ආනන්ද විජේපාල

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : අපරාධකරුවන් ආරක්ෂාකිරීමට විපක්ෂය...

ජපන් වැසියෝ මහ මැතිවරණය හමුවේ දැඩි ආර්ථික පීඩනයකට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ පැවැත්වීමට නියමිත...