ගුවන් මගින් රටට ඇතුළුවන 4%කට ඔමික්‍රෝන්!

Date:

මෙරටට ගුවන් මඟින් වරකට ඇතුළුවන අයගෙන් 4%ක් පමණ ඔමික්‍රෝන් ආසාදිතයින් බව වාර්තා අනුව පෙන්නුම් කර ඇතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

දැනට ලැබී තිබෙන වාර්තා අනුව ගුවන් මගින් රටට ඇතුළු වන සංචාරකයින් ඇතුළු සෙසු අයගෙන් රටට ඔමික්‍රෝන් පැමිණීමේ බරපතල අවදානමක් පවතින බවයි කුමුදේශ් මහතා සඳහන් කරන්නේ.

”ජනවාරි මස මුල් සති දෙක තුළ අපි හඳුනාගත්ත ඔමික්‍රෝන් ආසාදිතයින් පිළිබඳ වාර්තාවක් ලැබිල තියෙනවා. විශේෂයෙන් මේ වාර්තාවට අනුව අපිට නැවත නැවත කියන්න තියෙන්නේ ගුවන් මගින් රටට ඇතුල්වන සංචාරකයන් සහ අනෙකුත් අය හේතුවෙන් රටට ඔමික්‍රෝන් පැමිණීමේ බරපතල අවදානම තවදුරටත් වර්ධනය වෙලා තියෙනවා. මේ වෙනකොට අපිට පෙනෙන්නට තියෙන තත්ත්වය තමයි රටට ඇතිවන ගුවන් මගීන්ගෙන් 4%ක් පමණ ඔමික්‍රෝන් ආසාදිතයින් බවට දැනට ලැබිල තියෙන දත්ත ආශ්‍රයෙන් හඳුනාගන්න පුළුවන්. මෙය විධිමත් දත්තයන් හරහා ගත්ත දෙයක් නොවන නිසා යම් ලෙසකින් 100%ක් නිවැරදි නොවෙන්න පුළුවන්. මෙහිදී බහුතරයකට රටින් පිටවෙන කොට තමයි ඔමික්‍රෝන් තිබෙන බවට වාර්තා වෙන්නේ. යනුවෙන් ඔහු වැඩිදුරටත් කියාසිටියි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව අද!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ...

ඉරානය එරට පෞද්ගලික ව්‍යාපාර වසා දැමීමට තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය මාසයේ රට...

මාව දැක්ක ගමන් ලක්ෂ 8ක ගල්රෝල ලක්ෂ 6.5ට අඩු කළා. සමන්ත දැක්ක ගමන් 6ට අඩු කළා. වෙනස බලන්න – ජයලාල්

සටහන - රුවන් නෙළුගොල්ල කඩුවෙල නගර සභාවට ගල් රෝල් තුනක්...

ඉමල්කා උදේශනීගේ ‘සතුටු වතුර ගලා ඇවිත්’ සූම් සංවාදයට

සාහිත්‍යවේදිනී ඉමල්කා උදේශිනීගේ ‘සතුටු වතුර ගලා ඇවිත්’ යොවුන් නවකතාව...