ගුවන් මගින් රටට ඇතුළුවන 4%කට ඔමික්‍රෝන්!

Date:

මෙරටට ගුවන් මඟින් වරකට ඇතුළුවන අයගෙන් 4%ක් පමණ ඔමික්‍රෝන් ආසාදිතයින් බව වාර්තා අනුව පෙන්නුම් කර ඇතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

දැනට ලැබී තිබෙන වාර්තා අනුව ගුවන් මගින් රටට ඇතුළු වන සංචාරකයින් ඇතුළු සෙසු අයගෙන් රටට ඔමික්‍රෝන් පැමිණීමේ බරපතල අවදානමක් පවතින බවයි කුමුදේශ් මහතා සඳහන් කරන්නේ.

”ජනවාරි මස මුල් සති දෙක තුළ අපි හඳුනාගත්ත ඔමික්‍රෝන් ආසාදිතයින් පිළිබඳ වාර්තාවක් ලැබිල තියෙනවා. විශේෂයෙන් මේ වාර්තාවට අනුව අපිට නැවත නැවත කියන්න තියෙන්නේ ගුවන් මගින් රටට ඇතුල්වන සංචාරකයන් සහ අනෙකුත් අය හේතුවෙන් රටට ඔමික්‍රෝන් පැමිණීමේ බරපතල අවදානම තවදුරටත් වර්ධනය වෙලා තියෙනවා. මේ වෙනකොට අපිට පෙනෙන්නට තියෙන තත්ත්වය තමයි රටට ඇතිවන ගුවන් මගීන්ගෙන් 4%ක් පමණ ඔමික්‍රෝන් ආසාදිතයින් බවට දැනට ලැබිල තියෙන දත්ත ආශ්‍රයෙන් හඳුනාගන්න පුළුවන්. මෙය විධිමත් දත්තයන් හරහා ගත්ත දෙයක් නොවන නිසා යම් ලෙසකින් 100%ක් නිවැරදි නොවෙන්න පුළුවන්. මෙහිදී බහුතරයකට රටින් පිටවෙන කොට තමයි ඔමික්‍රෝන් තිබෙන බවට වාර්තා වෙන්නේ. යනුවෙන් ඔහු වැඩිදුරටත් කියාසිටියි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විවිධාකාරයේ රූප මවන වීදි සිත්තම්!

සටහන – පුලී ජනවාරි 29, කොළඹ (LNW): වීදි කලාව නිරන්තරයෙන්...

IDAG සහතික ප්‍රදානය කිරීමේ උත්සවය සාර්ථකව නිමවෙයි!

රෂිකා හෙන්නායක ජනවාරි 29, කොළඹ LNW : ප්‍රජාතන්ත්‍රවාදය සහ පාලනය...

සිරගතව සිටින පාකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන ඛාන් දැඩි අක්ෂි රෝගයකින් පෙලේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 29: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පාකිස්ථානයේ සිරගත...

සිහින පාසැල අපි යතාර්ථයක් කරනවා – අගමැතිනිය සහතික වෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:'සිහින පාසලක්' කරා යන සැලසුම ක්‍රියාත්මක කිරීම...