බොරැල්ලේ අත් බෝම්බය:පොලීසිය ඒ තරම්ම බොළඳ ද? – කාදිනල් හිමිගේ සැකය අනුරත් මතු කරයි

Date:

දේශපාලන බල හුවමාරුව වෙනුවෙන් ඉතාම විනාශකාරී මුඛයකට ඇදගෙන ගොස් ඇති බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.

බලය ලබාගැනීම වෙනුවෙන් රට තුළ සිදු නොවිය යුතු දේ සිදුව ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.

”අපේ රටේ දේශපාලන බල හුවමාරුව වෙනුවෙන් ඉතාම විනාශකාරී මුඛයකට අපිව ඇදගෙන ගිහින් තියෙනවා. බලය ලබාගැනීම වෙනුවෙනුත් අපේ රටේ සිදු නොවිය යුතු දේ සිදුවී තිබෙනවා. බලය ලබා ගත්තාට පසුවත්, අද පාස්කු ප්‍රහාරයට දින 1000ක් පිරෙන දිනයේ තාමත් පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවන්, මීට පෙර ඔවුන්ම හඳුන්වාදෙනු ලැබූ මහමොළකරුවන් කිසිවෙක් හෙළිදරව් කරගන්න සමත්වෙලා නෑ. අද විශාල සැකයක් සමාජයේ නිර්මාණය වී තිබෙනවා මෙය බලය ලබාගැනීම සඳහා කරන ලද කුමන්ත්‍රණයක් ද කියන තරමට ඒ සැකය වර්ධනය වෙලා.ඔබ දකින්න ඇති මේ ඊයේ පෙරේදා බොරැල්ලේ අත් බෝම්බයක් තිබීම පිළිබඳ සිදුවීම. පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලබන්නේ දීර්ඝ කාලයක් එම දේවස්ථානයේ පිරිසිදු කරන්න මැදිහත් වෙච්ච කෙනා. හබයිඔහු බෝම්බය දකින්නේ නැති කෙනා. මම දැක්කා කාදිනල් උන්නාන්සේ එහි තිබෙන CCTV දර්ශන පෙන්වල කිව්වා බෝම්බය ගෙනාපු කෙනා උදේ ඇවිල්ලා තියෙනවා ගෙනාපු කෙනාගේ සමීප රූප රාමු පවා පෙන්වනවා.

පොලීසිය ඒ තරම් බොළඳ ද ? නැහැ. සාමාන්‍යයෙන් අපේ රටේ පොලීසියට හොඳ ඉවක් තියෙනවා. අපේ රටේ ඕනෑම නමගිය අපරාධයක්,සිදුවීමක්,ආන්දෝලනයට තුඩු දීලා විශාල ප්‍රවෘත්ති නිර්මාණය කරනවා. දවසක් දෙකක් යද්දී ඒවා හෙළිදරව් කරනවා. එහෙත් අපේ රටේ වැළලුනු අපරාධ තිබෙනවා. හෙළිදරව් නොවුණු අපරාධ තිබෙනවා. මේ වැළලුනු සහ හෙළිදරව් නොවුණු සියලු අපරාධ දේශපාලන රකවරණයන්. මේක සත්‍යය.

මේ දේවස්ථානයේ සිදු වූ සිදුවීමත් බැලුවහම පොලීසිය ඒ තරම ලඳ බොළඳ නැහැ. පොලීසිය හරිනම් සතියකට එහා පැත්තේ CCTV දර්ශන පරීක්ෂා කරන්න ඕනේ. හැබැයි උදේ බලන්නේ නැහැ. සැකයක් නැද්ද මේ සියල්ල ගැන. ඒ නිසා මා ඔබට පෙන්වන්න හදන්නේ එක සිදුවීමක් අපේ රටේ දේශපාලනය මොනතරම් විනාශකාරීද අපරාධකාරීද කියල.” යනුවෙන් දිසානායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

ඔහු මෙම අදහස් දක්වා සිටියේ කඩවත ප්‍රදේශයේ පැවති ජන හමුවකදීය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

6 ශ්‍රේණිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්න – දෙමව්පියන් නිහඩ විරෝධයක් අරඹයි!

කොළඹ LNW:තාවකාලිකව නතර කරන ලද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යළි ක්‍රියාත්මක...

2026 බදු අදායම් ඉලක්කය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:2026 වසරේ රජයේ බදු ආදායම් ඉලක්කය රු....

වයසට අභියෝග කරන හොලිවුඩයේ ජීවමාන පුරාවෘත්තයන්!

සටහන – පුලී ජනවාරි 19, කොළඹ (LNW):ලෝකයේ කීර්තියට පාත්‍ර වූ...