13 ගැන කියූ ජනාධිපති රනිල්

ඉදිරි වසර කිහිපය තුළ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට අවධානය යොමුව ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ අද (15) දින යාපනයේ තෛපොංගල් ජාතික උත්සවයට සහභාගී වෙමිනි.

ඒ පිළිබඳ වැඩිදුරටත් පැවසූ ජනාධිපතිවරයා;

“අපි බලන්නේ දැන් 13 වන ව්‍යවස්ථා සංශෝධන සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන්න. ඒක උතුරේ ප්‍රශ්නයක් විතරක් නෙමෙයි. අපේ දකුණේ මහ ඇමතිවරුත් ඉල්ලනවා මේක ක්‍රියාත්මක කරන්න කියලා. ඒ නිසා අපි කථා කරලා ඒවත් ක්‍රියාකරන්න යනවා. ඉතින් මේ ටික අපි ක්‍රමානුකූලව කරගෙන යමු ඊළඟ අවුරුද්දේ දෙකේදී. අද දිළිඳුකම, බඩගින්න, විරැකියාව, දෙමළ අයටවත් සිංහල අයටවක් සීමාවෙලා නැහැනේ. අපි ඔක්කෝම දුක් විඳිනවා. අපි ඔක්කෝම එකතුවෙලා ගොඩ එන්නට ඕනේ. ඉතින් මේ අද තියෙන්නේ උතුරේ ද්‍රවිඩ අයගේ ප්‍රශ්න විතරක් නෙමෙයි. තවත් ප්‍රශ්න තියෙනවා සාකච්ඡා කරන්න. ඉතින් මේ සාකච්ඡාවලින් පස්සේ මම විශේෂයෙන්ම කඳුකරයේ ද්‍රවිඩ ජනතාව නියෝජනය කරන මන්ත්‍රීවරුත්, පාර්ලිමේන්තු පක්ෂ නායකයින් ගෙනල්ලා දෙවැනි වටය ආරම්භ කරනවා. කඳුකරයේ දෙමළ ජනතාව අපේ සම්පූර්ණ සමාජයට අන්තර්ගත කරලා. අපි ඒ අයට සිංහල දෙමළ මුස්ලිම් අය විඳින අයිතිවාසිකම් හා සමාජයේ ලැබෙන භුක්තිය ඒ අයටත් ලබලා දෙනවා.”

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නීතිවිරෝධී පිරමීඩ ආයතන 27ක් මහ බැංකුව විසින් හඳුනාගෙන නම් කෙරේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : ශ්‍රී ලංකා මහ...

2027 අයවැයෙන් සංවර්ධන වැඩසටහන් සඳහා රුපියල් බිලියන 2,000ක් වෙන් කිරීමට සැලසුම්!

කොළඹ LNW:දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහන වන ‘ප්‍රජා ශක්ති’...

ඉහළම පෙළේ රාජ්‍ය නිලධාරියෙක් විදෙස් රටකින් දේශපාලන රැකවරණ ඉල්ලලා ?

මෑතකදී යුරෝපා සංචාරයක නිරත වූ මෙරට ඉහළම පෙළේ රාජ්‍ය...

ඉතිහාසයේ වාර්තා වූ විශාලතම මූල්‍ය වංචාවකට මඟ පෑදූ මිනසෝටා ජාවාරම!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : ඩො. මි. 44ක...