*
Friday, May 3, 2024
spot_img

Latest Posts

2024 කියන්නේ ඉතිහාසය අපේ අතට ගන්න වසරක් – හරිනි අමරසූරිය

කොළඹ LNW: 2024 යනු ඉතිහාසය අපේ අතට ගන්නා වසරක් බව ජාතික ජන බලවේගයේ විධිායක කමිටු සාමාජික ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අවධාරණය කළාය.

ඇය මේ බව සඳහන් කළේ ජාතික ජන බලවේගයේ මහනුවර ආසන සමුළුව අමතමිනි.

ඔබේ කතාවට තැනක් දෙන, ඔබේ අත්දැකීමට තැනක් දෙන, වටිනාකමක් දෙන ඒ බරපතළ පරිවර්තන යුගයක් වෙනුවෙන්, යුගයක් අවසන් කොට නව යුගයක් ආරම්භ කරන 2024 වසර මේ රටට තීරණාත්මක වසරක් බවයි ඇය පැවසුවේ.

”අපේ අන්තිම රාජධානිය අවසන් වුණේ මේ ඓතිහාසික මහනුවරින්. 1815 බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ කොටසක් බවට පත්වෙන කොට අපේ රටේ පාලන ක්‍රමය වෙනස් වුණා. අපි ශ්‍රී වික්‍රමසිංහ රජු ගැන ඉගෙන ගන්නකොට අපි ඉගෙන ගත්තේ ඔහු නපුරු, දුර්වල රජ කෙනෙක් විදිහට. මීට වසර දෙකතුනකට කලින් දැන් ජීවත්වෙන ලෝක ප්‍රසිද්ධ මානව විද්‍යාඥයෙක් ශ්‍රී වික්‍රම රාජසිංහ ගැන ලියන ලද පොතක් කියෙව්වා. ඩූම් (Doom) කියන ඒ පොතේ සිංහල පරිවර්තනය “නෙරපූ රජ”. ඒකෙන් මට විශේෂ දෙයක් ඉගෙන ගන්න ලැබුණා. ඉතිහාසය ලියනකොට එය ලියන්නේ කවුද කියන එක වැදගත්. ඉතිහාස මූලාශ්‍ර එන්නේ කොහෙන්ද කියන එකත් වැදගත්. ශ්‍රී වික්‍රම රාජසිංහ ගැන වෙන ඉතිහාසයක් තිබෙනවා. ඒ අනුව මහනුවර රාජධානිය කියන්නේ දියුණු සංස්කෘතියක් තිබුණු රාජධානියක්. විවිධ භාෂා කථා කරන, විශාල විවිධත්වයක් තිබුණු, ජාත්‍යන්තර සම්බන්ධතා තිබුණු රාජධානියක්. නමුත් අපි මේ සම්ප්‍රදායික රාජධානිය ගැන ඉගෙන ගන්නේ බ්‍රිතන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ නිලධාරීන් වූ ජෝන් ඩොයිලි වගේ අය ලියපු සටහන්වලින්. අපිට එක පැත්තක් අහන්න ලැබෙනවා. නමුත් ගණනාත් ඔබේසේකර නම් වූ සුප්‍රකට මානව විද්‍යාඥයා ලියන ලද පොත කියෙව්වාම තමයි ඉතිහාසය කියවන විට අපි කොතරම් පරෙස්සම් විය යුතුද කියන එක වැටහුණේ. ඉතිහාසය බොහෝ විට ලියන්නේ බලය තිබෙන අය. බලය තිබෙන අය ඉතිහාසය ලියනකොට ප්‍රභූවරුන් ගැන ලියනකොට පුරවැසියන්ගේ කතා, ලියවෙන්නෙ නැහැ. විශේෂයෙන් ගැහැනු අපේ කතා කොහොත්ම ලියැවෙන්නේ නැහැ. ඉතිහාසයේ ගැහැනු කතා ඉතාමත් අඩුයි. ඉන්නේ වීරවරයන් පමණයි. වීරවරියන් නැහැ. දැන් එය වෙනස් වෙමින් යනවා.

ජාතික ජන බලවේගය වටා එකතුවෙලා මේ ඇතිකිරීමට යන බරපතළ සමාජ පරිවර්තනය තුළ ඒ ඉතිහාසය ලිවීමේ අයිතිය, ප්‍රභූ පෙළැන්තියේ සිට අපේ අතට ගන්නවා. පුරවැසියා අතට ගන්නවා. ඒ සඳහා තාක්ෂණයත් අපට උදව්කරමින් තිබෙනවා. ඉතිහාසය ලියන්නෙ විශේෂඥයෝ විතරක් නොවෙයි. සාමාන්‍ය ජනතාවට තමන්ගේ කතාව ලියන්න තාක්ෂණය උපකාරී වෙලා තිබෙනවා. සමාජ මාධ්‍ය ඒ සඳහා බලවත් මෙවලමක් වී තිබෙනවා. ඒ නිසාම තමයි පාලකයෝ සමාජ මාධ්‍යයට බයවෙලා තියෙන්නේ. පුරවැසියාගේ කතාව එළියට එයි, ප්‍රභූ පෙළැන්තිය, පුරවැසියාව පාලනය කරන්න උත්සාහ කරන කතාවත් එළියට එයි කියන බය ඔවුන්ට තිබෙනවා.

2024 වසර කියන්නේ අපේ වසර. අනුර කුමාර දිසානායක සහෝදරයාගේ ජයග්‍රහණය තහවුරු වෙන, අපේ ඉතිහාසය අපේ අතට ගන්න අවුරුද්ද. අපේ කතාව ලියන අවුරුද්ද. මෙතෙක් එක පැළැන්තියක් පාලනය කරපු අපේ රටේ ඉතිහාසය නිම කොට අපේ කතාව අපි ලියන්න පටන් ගන්නවා. මේ අවුරුද්දේ ප්‍රධානම වන්නේ එයයි. එහි ආරම්භය අපි අරගත යුතුයි. ඔබේ කතාවට තැනක් දෙන, ඔබේ අත්දැකීමට තැනක් දෙන, වටිනාකමක් දෙන ඒ බරපතළ පරිවර්තන යුගයක් වෙනුවෙන්, යුගයක් අවසන් කොට නව යුගයක් ආරම්භ කරන 2024 වසර මේ රටට තීරණාත්මක වසරක්. ඒ පරිවර්තනීය යුගය ආරම්භ කිරීමට තමයි ඔබ මේ එකතු වී සිටින්නේ. ” යනුවෙන් වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan