*
Sunday, May 19, 2024
spot_img

Latest Posts

2024 අවසන් වන විට සියක් නගර ව්‍යාපෘති අවසන් කිරීමට පියවර!

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 15 කොළඹ (LNW): මෙවර අයවැයෙන් රුපියල් මිලියන 600ක් සියක් නගර අලංකරණ ව්‍යාපෘතිය සදහා වෙන්කර ඇති බව නාගරික සංවර්ධන අධිකාරිය පවසන අතර, එම ප්‍රතිපාදන මගින් ව්‍යාපෘති 9ක වැඩ අවසන් කිරීමට සැලසුම් කර ඇති බවද එම අධිකාරිය සදහන් කරයි.

ගම්පහ, මිනුවන්ගොඩ, පානදුර, අලව්ව, හොරණ හා අවිස්සාවේල්ල යන පොදු වෙළදපොළ සංවර්ධනය කිරීම,වරකාපොළ හා මුලතිව් බස් නැවතුම්පොළ සංවර්ධනය කිරීම සහ නින්දවූර් වෙරළ උද්‍යානය ඉදිකිරීම එම ව්‍යාපෘති අතර ප්‍රධන වෙයි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් මත මෙම ව්‍යාපෘති ක්‍රියාත්මකය.

අමත්‍යවරයා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දී ඇත්තේ, මෙම වසර අවසන් වනවිට අදාළ ව්‍යාපෘති නිම කිරීම සදහා කඩිනමින් සැලසුම් සකස් කරන ලෙසයි.

රට පුරා විසිරී ඇති අඩු පහසුකම් සහිත නගර හඳුනාගෙන ඒවායේ මූලික පහසුකම් වැඩි දියුණු කොට එම නගර ක්‍රමවත් ලෙස අලංකරණය කිරීමේ අරමුණින් සියක් නගර සංවර්ධන වැඩසටහන ආරම්භ කෙරිණ. ඒ 2021 වසරේදීය. මේ සදහා පළමුව කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ නගර 100 ක් හදුනාගත්තද පසුව එය නගර 116 ක් දක්වා වැඩි විය. 2022 වසර අවසන් වන විට මෙම නගර 116 හි සංවර්ධන කටයුතු අවසන් කෙරුණි. ඒ සදහා වැය කෙරුණු මුළු මුදල රුපියල් මිලියන 1,620 කි.

සියක් නගර අලංකරණ වැඩසටහන යටතේ 2023 වසර සදහා සියලු පළාත් ආවරණය වන පරිදි ව්‍යාපෘති 156 ක් හදුනාගෙන ආරම්භ කරන ලදි. පොදු වෙළදපොළවල්, බස් නැවතුම්පොළවල්, රථගාල්, ඇවිදින මංතීරු, බහුකාර්යය ගොඩනැගිලි, නාගරික උද්‍යාන සහ නගර අලංකරණ ව්‍යාපෘති ඊට ඇතුළත් වේ. 2023 වසර අවසන් වන ඉන් ව්‍යාපෘති 133 ක් අවසන් කර ඇති බව නාගරික සංවර්ධන අධිකාරිය සදහන් කරයි. ඉතිරි ව්‍යාපෘති 23 හි ඉදිකිරීම් කටයුතු සිදු කෙරෙමින් පවතී.

රටේ සියලුම නගර සංවර්ධනය කිරීමේ වගකීම පැවරී ඇත්තේ නාගරික සංවර්ධන අධිකාරියටයි. ඒ වෙනුවෙන් එම අධිකාරිය මේ වනවිට විශාල වැඩ කොටසක් සිදු කරමින් පවතී. අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙන්නේ නාගරික සංවර්ධනය මගින් රටතුළ සෘජු හා වක්‍ර රැකියා විශාල ප්‍රමාණයක් උත්පාදනය කළ හැකි බවයි.

නගර අලංකරණය කිරීම හරහා සංචාරක ආකර්ෂණය වර්ධනය වනවා සේම නගර ආශ්‍රිතව ජීවත්වන ජනතාවගේ පිරිසිදුභව හා නිරෝගීකම වැඩිවන බවත්, එම නිසා නාගරික සංවර්ධන අධිකාරියට ලැබෙන ආදායම් කළමනාකරණය කරගනිමින් මෙම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ලෙසද නාගරික සංවර්ධන අධිකාරියට ඇමතිවරයා උපදෙස් දී ඇති බව සඳහන් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan