හිටපු ඇමති ටිරාන් අලස් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නියෝගයක් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරන් අලස් මහතා ඇතුළු සිලෝන් නිව්ස් පේපර්ස් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් ඊයේ (ජනවාරි 15) අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ, සිලෝන් නිව්ස් පේපර්ස් සමාගම විසින් ගොනු කළ රීට් පෙත්සමක් අභියාචනාධිකරණයේ සභාපති නිශ්ශංක බන්ධුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන මහත්වරුන්ගේ සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවූ අවස්ථාවේදී ය.

අදාළ පෙත්සමෙන් දක්වා ඇත්තේ පෙත්සම්කාර සමාගම විසින් පුවත්පත් මුද්‍රණයට අවශ්‍ය කඩදාසී ලබා ගැනීම සඳහා වගඋත්තරකාර කේසර ලංකා පුද්ගලික සමාගම සමඟ ගිවිසුමක් ඇති කරගෙන තිබෙන බවත් පෙත්සම්කාර සමාගමේ අධ්‍යක්ෂවරයකු වන හිටපු මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතාට අමාත්‍ය ධූරය අහිමිවීමෙන් පසුව වගඋත්තරකාර කේසර ලංකා සමාගම අදාල ගිවිසුමේ කොන්දේසි කඩ කිරීමට කටයුතු කළ බවත් පසුව මෙම වගඋත්තරකාර සමාගම මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කළ බවත් ය.

මෙම තත්වය හමුවේ පෙත්සම්කාර සමාගමේ අධ්‍යක්ෂවරු අත්අඩංගුවට ගැනීමේ අවදානමක් පවතින බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා තිබිණි.

පෙත්සම සලකා බැලූ විනිසුරු මඬුල්ල විසින් ජනවාරි 21 වනදා දක්වා බල පැවැත්වෙන පරිදි අදාළ අතුරු තහනම් නියෝගය නිකුත් කරන ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැමති වුණත් අකමැති වුණත් මැච් එක අපිට ගහන්න වෙනවා. ප්‍රශ්නයක් නම් කෙඳිරි ගාන්නේ නැතුව නඩු දාන්න (VIDEO)

කොළඹ LNW:ඇතැම් පළාත් පාලන ආයතන පිහිටුවීමේදී ජාතික ජන බලවේගය...

තායිලන්ත 800 රන් ජෝඩුවම ශ්‍රී ලංකාවට

නිශ්මං රණසිංහ ජුනි 24, කොළඹ LNW: තායිලන්ත විවෘත මලල ක්‍රීඩා...

“ඊශ්‍රායලය, ඒ බෝම්බ හෙළන්න එපා. ඔබේ නියමුවන් ගෙදර ගෙන යන්න” – ට්‍රම්ප්

සටහන: සශිකලා මධුෂාණිජුනි 24; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සටන් විරාමය...

ඉරාන-ඊශ්‍රායල සටන් විරාමය ගැන චීනයෙන් ප්‍රකාශයක්!

කොළඹ LNW:ඉරාන - ඊශ්‍රායල සටන් විරාමය සම්බන්ධයෙන් චීනය සිය...