ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයත් ප්‍රතිසංස්කරණයට සූදානම්!

Date:

කොළඹ LNW:නව රජයේ බලශක්ති ප්‍රතිපත්තියට හා වැඩ පිළිවෙලට අනුකූලව ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය හරහා රටට විශාල විදේශ විනිමයක් උපයාගැනීමට කටයුතු කරන බව බලශක්ති අමාත්‍යය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පැවසුවේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ත්‍රිකුණාමලය වරාය තෙල් ටැංකි පරිශ්‍රය ආශ්‍රිත නිරීක්ෂණ චාරිකාවකට එක්වූ අවස්ථාවේදීය.

ඒ අනුව එම සංවර්ධන ක්‍රියාවලිය වෙනුවෙන් ලංකා IOC ආයතනය හා ලංකා ඛණිජ තෙල් සංස්ථාව එක්ව කටයුතු කරන අතර ඒ සදහාම ඉන්දියානු හා ලාංකීය හවුල්කාරීත්වය සහිතව සාදා ඇති Trinco Petroleum Terminal Ltd ආයතනය හරහා එම කටයුතු ඉදිරියට ක්‍රියාත්මක කරන බවයි අමාත්‍යවරයා පැවසුවේ.

බ්‍රිතාන්‍යය යුගයේ සෑදුවත් මේ ටැංකි ඉතා හොද තත්වයේ තිබෙනවා. අවශ්‍යය සුළු ප්‍රතිසංස්කරණ කටයුතු කරලා නල පද්ධතිය ඉදි කරලා නෞකාවලට තෙල් සපයන්නත් ගබඩා සංකීර්ණයක් හැටියට සංවර්ධනය කරලා ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයත් එක්ක එකතුවෙලා සමගාමීව සිදුකරන වරාය සංවර්ධනයත් හරහා ඒ ප්‍රතිඵල රටට ලබාදෙන්න කටයුතු කරනවා” යනුවෙන් අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කරන ලදී.

මෙම නිරීක්ෂණ චාරිකාව හා එක්වූ සිවිල් ගුවන්සේවා හා වරාය නියෝජ්‍ය අමාත්‍ය රුවන් ජනිත කොඩිතුවක්කු මහතා අදහස් පළකරමින් පැවසුවේ ලෝකයේ පස්වෙනි විශාලම ස්වභාවික වරාය හැටියට සැළකෙන ත්‍රිකුණාමල වරාය ජාතික ආර්ථිකයට වඩාත් ඵලදායි ලෙස භාවිත කරන සැලැස්ම හදුනගැනීමට අමාත්‍යංශ දෙකම එක්ව කටයුතු කරන බවයි.

ලංකාව නාවික කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරිමේ මෙහෙයුමේදී තෙල් වෙළදපලට ඇතුලත්වීම මේ තෙල් ටැංකි හරහා සැකසෙන ව්‍යාපෘතියට අනුකූලව වරාය සංවර්ධන සැළැස්ම ක්‍රියාත්මක කරන්නත් ඉදිරි මාස කීපය තුළ මේ සම්බන්ධව ජාතික සැළැස්ම ඉදිරිපත් කරන්නත් බලාපොරොත්තු වෙන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ත්‍රිකුණාමල වරාය තෙල් ටැංකි පරිශ්‍රය අයත් වන ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, Trinco Petroleum Terminal Ltd ආයතනය හා ලංකා IOC ආයතන ද නිරික්ෂණයට ලක් කර තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහ බැංකුවෙන් විදෙස් ප්‍රේෂණ ගැන දැනුම් දීමක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 09, කොළඹ LNW : 2025 ඔක්තෝබර් මාසයේදී...

එක්සත් ජනපද රජය තාවකාලිකව ඇණ හිටීම 39 වන දිනටත් ක්‍රියාත්මකයි; ගුවන් ගමන් 1500කට ආසන්න ප්‍රමාණයක් අවලංගුයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : පසුගිය ඔක්තෝබර්...

පොඩ්ඩන්ගේ පොඩිකමම ලොකු වෙන්න හරස් විය

නිශ්මං රණසිංහ නොවැම්බර් 09,  කොළඹ LNW: මධ්‍යම ආසියානු අවුරුදු 19 න්...

ලක්ෂ 10න් ගෙවල් හදන හැටි පෙන්වන්නම්, එන්න ගම්පහට – ඇමති මහින්ද

සටහන - රුවන් නෙළුගොල්ල රුපියල් ලක්ෂ 10කින් නිවසක් ඉදිකරන්නේ කෙසේදැයි...