*
Sunday, October 13, 2024
spot_img

Latest Posts

ශ්‍රී ලංකා යෞවනියන්ට අද තීරණාත්මක තරගයක්

ක්‍රියාත්මක අවුරුදු 19 න් පහළ කාන්තා ලෝක කුසලාන තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට අද මුහුණ දෙන්නට වන්නේ බංගලාදේශයට ය.බංගලාදේශ යෞවනියන් ඉතා හොඳ මට්ටමක සිටින අතර ඔවුන් මුහුණ දුන් ප්‍රථම තරගයේදී ඕස්ට්‍රේලියාවට එරෙහිව පහසු ජයක් ගැබීම මෙන්ම පුහුණු තරගවලදී ඉන්දියාව පරාජය කිරීම නිසා වැඩි අවධානයක් දිනා ගෙන ඇත.
ඒ නිසා අද තරගය වඩාත් තීරණාත්මක වන අතර මේ වන විට පන්දුවෙන් දක්ෂතා දක්වමින් සිටින දෙව්මි විහංඟා සහ විදුශිකා පෙරේරා යන දෙදෙනා මෙන්ම සෙසු පන්දු යවන්නියන්ද ඉලක්කයට පන්දු යැවිම වැඳගත්ය.එසේම ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දුවට පහර දීමේදී හයේ හතරේ පහරවල් වැදගත් තරමට හැම පන්දුවකින්ම එවැනි ප්‍රහාරයන් අපේක්ෂා කළ නොහැකි බව තේරුම් ගැනීම වැදගත්ය.ඒ නිසා කෙටි ලකුණු එකතු කර ගැනීම සහ පන්දු අපතේ නොයැවීම වැදගත් සේ ගත යුතුය.විශේෂයෙන්ම මේ වන විට කණ්ඩායමේ හොඳින්ම ලකුණු අතර සිටින නායිකා විශ්මි ගුණරත්න මෙන්ම මනුදි නානායක්කාර යන දෙදෙනාට අමතරව නෙත්මි සේනාරත්න,සඳුනි නිසංසලා මෙන්ම විශේෂයෙන් වේගයෙන් පන්දුවට පහර දීමේ හැකියාව ඇති දෙව්මි විහංගා ඉවසීමෙන් ලකුණු අතරට ඒම වැදගත්ය.
පන්දුවෙන් මේ වන විටත් හොඳ දායකත්වයක් ලබා දී ඇති දෙව්මි කඩුල්ල පූජා නොකොට අද තරගයේදී වැඩි ලකුණු ප්‍රමාණයක් සඳහා යාමට උත්සාහ ගැනීම වැදගත්ය.වේගයෙන් පන්දුවට පහර දීමට ඇති ක්‍රීඩිකාවන් අතරින් ඇය විසින් වැඩි පන්දු ප්‍රමාණයකට මුහුණ දිය හැකි මට්ටමෙන් ක්‍රිඩා කිරීම වැදගත් වන අතර විශ්මි ජාතික කණ්ඩායමේ තමන්ගේ වගකීම ඉටු කරමින් ඉණිම ආරම්භ කිරීමට නිසංසලා සමඟ කටයුතු කර නෙත්මි වැනි වගකීම් සහගත පිතිකාරිණියකට මැද පෙළින් කණ්ඩායම රැක ගැනීමට අවශ්‍යය කාරණය වෙනුවෙන් ඉඩ ලබා දිය හැකිනම් එය ද වැදගත් වනු ඇත.
අද ශ්‍රී ලංකාව අපහසු තරගයකට මුහුණ දෙන බවත්,තමන්ට උපරිමය කණ්ඩායමට ලබා දීමට හැකියාව ඇත්නම් එම තරගය ජය ගැනීම අපහසු නැති බවත් අවබෝධ කර ගනිමින් ජයග්‍රහණය විශ්වාසයේ තබාගෙන තරග වැදීම වැදගත්ය.
බංගලාදේශ පිතිකරණය මැඩ ගැනීම සඳහා ශ්‍රී ලංකා පන්දු යවන්නියන් හොඳින් මැදිහත් වුවහොත් ශ්‍රී ලංකා පිතිකරුවන්ට පළමුව පන්දුවට පහර දී රැස් කරන ලකුණු 130 ක පමණ ලකුණු ගණනත් සෑහීමකට පත් වෙන්නට ප්‍රමාණවත්ය.නමුත් ඒ සඳහා ශ්‍රී ලංකා පන්දු රකින්නියන් වගකීම හරියටම ඉටු කළ යුතුය.පකිස්තානය පළමුව පන්දුවට පහර දුනහොත් ඔවුන් උපරිම ලකුණු 110 ක ට පමණ සිමා කර ගැනීම වැදගත්ය.ඉනික්බිතිව මුල් අංක පහ දරන පිතිකාරිණියන් එම ලකුණු ප්‍රමාණය ආවරණය කිරීම සඳහා මූලිකත්වය ගැනීම වැදගත් ය.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan