කෝලි ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත්වෙයි

Date:

ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් විරාත් කෝලි ඉල්ලා අස්වී ඇත.

පසුගිය වසරේ ඉන්දීය සීමිත ඕවර කණ්ඩායම මෙහෙයවීම නැවැත්වූ 33 හැවිරිදි කෝලි 2015 සිට ඉන්දීය ටෙස්ට් කණ්ඩායමට නායකත්වය දුන්නේය.

ඔහු ටෙස්ට් තරග 68කදී ඉන්දියාවට නායකත්වය දුන් අතර, ඉන් තරග 40ක් ජයග්‍රහණය කළේය .එය ක්‍රිකට් ඉතිහාසයේ ඕනෑම ටෙස්ට් නායකයකුගේ සිව්වැනි හොඳම ජයග්‍රහණ වාර්තාවයි.

“කණ්ඩායම නිවැරදි මාවතකට ගෙනයාම සඳහා සෑම දිනකම වෙහෙස මහන්සි වීමි. නොපසුබට උත්සාහයෙන් වසර හතක් ගත වී ඇත,”

කෝලි සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් සිය සමුගැනීමනිවේදනය කර ඇත.

කෝලිගේ මෙම නිවේදනය දකුණු අප්‍රිකාවට එරෙහිව කේප්ටවුන්හිදී ඉන්දීය පිල කඩුලු 7කින් පරාජයට පත්වීමෙන් දිනකට පසුවය නිවේදනය වූවකි.

ඔහු ශතක 27 ක් සමඟින් මුළු ටෙස්ට් තරඟ 99 කට ක්‍රීඩා කර ඇති අතර, එය සාමාන්‍ය 50.39% ක අගයක්.

2021 වසරේ සවුත්හැම්ප්ටන්හිදී නවසීලන්තය හමුවේ පරාජයට පත් වූවත්, කෝලි පළමු ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයට ඉන්දියාව රැගෙන ගෙන ගියේය.

නායකයා ලෙස කෝලිගේ ප්‍රධාන ජයග්‍රහණ අතරට 2018-19 ඕස්ට්‍රේලියාවට එරෙහිව ජයග්‍රහණය කැපීපෙනේ.

කෝලි 2017 දී සීමිත ඕවර නායකයා ලෙස ද පත් කරන ලදී. ඔහු 2021 නොවැම්බර් ලෝක කුසලානයෙන් පසු T20 නායකත්වයෙන් ඉවත් වූ අතර , ඒ වෙනුවට රෝහිත් ෂර්මා පත් කළේය.

සහන් හේවාගමගේ – අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මිහින්තලේ වනචාරියා:සම්බුද්ධ ශාසනයට සහ චීවරයට දැවැන්ත අපහාසයක්!

කොළඹ LNW: රජයේ කැබිනට් ඇමතිවරයෙක් විසින් මිහින්තලේ නායක හාමුදුරුවන්ට...

සංවිධානාත්මක අපරාධකරුවන් 95කට රතු වරෙන්තු!

කොළඹ LNW:විදෙස් ගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් 95 දෙනෙකුට...

ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනයෙන් රු.මි. 12.3ක් මහා භාණ්ඩාගාරය!

කොළඹ LNW:කම්කරු අමාත්‍යංශය යටතේ ඇති ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා...