අතෙන්ද, හෙලිකොප්ටරයෙන්ද ? – ශ්‍රීලනිපය දිස්ත්‍රික්ක 12ක් ගැන තීරණයක් ගනී !

Date:

ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරග වදින ඡන්ද ලකුණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණ කිහිපයක් ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව උතුරු සහ නැගෙනහිර පළාත්වල දිස්ත්‍රික්කවල සහ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සඳහා “අත” ලකුණින් පමණක් තරග වැදීමට එම පක්ෂය තීරණය කර තිබේ.

එමෙන්ම කොළඹ, පුත්තලම, කුරුණෑගල, මොණරාගල සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල පළාත් පාලන ආයතන සඳහා “හෙලිකොප්ටරය” ලකුණින් යුත් සන්ධානය හරහා ඉදිරිපත් වීමට ද එම පක්ෂය තීරණය කර ඇත.

මීට අමතරව සෙසු දිස්ත්‍රික්කවලදී අත ලකුණ සහ හෙලිකොප්ටරය ලකුණ යන දෙකම භාවිතා කරමින් මැතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් ඔවුන් සාකච්ඡා කරමින් පවතින බවත් ආරංචිමාර්ග සඳහන් කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තහනම් වැඩෙත් තහනම් කරගන්නෙ නැතුව තියා ගන්න බැරිවීම

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා සංවාදශීලී නැත.ඉතාම අසාර්ථක...

යුක්තියෙන් තොර සාමයක් නොමැත – පලස්තීනයේ නිදහස වෙනුවෙන් කොළඹදී පාගමනක්! (PHOTOS)

කොළඹ LNW: පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අද (20) කොළඹදී විරෝධතා...

අධිකරණයේ පෙනී සිටින ලෙස හිටපු ඇමති රාජිතට නොතීසි!

කොළඹ LNW:හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එළඹෙන 29 වැනිදා...