මට කෝටි 10 ක වන්දියක් ගෙවන්න වුනේ අනුන් කළ වරදකට: සිරිසේන

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් තමාට රු. කෝටි 10 ක වන්දි මුදලක් ගෙවීමට නියම වූයේ තමා කළ වරදක් නිසා නොව වෙනත් අය කළ වරදක් වෙනුවෙන් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ ආනයන අපනයන පාලන පනත යටතේ රෙගුලාසි සහ විදේශ විනිමය පනත යටතේ නියෝග පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද (17) දින පැවති අවස්ථාවේ ය.

යම් ජනාධිපතිවරයකු පත් කළ නිලධාරියකු අතින් වරදක් සිදු වුවහොත් එහි වගකීම ඒ ජනාධිපති වරයාටද ඇති බව සඳහන් වන හෙයින් තමාට ඒ දඩ මුදල නියම වූයේ යැයි ද එවැනි සදහනක් නොතිබුණේ නම් තමා නිර්දෝෂී පුද්ගලයකු වන්නේ යැයි ද පැවසූ සිරිසේන මහතා මෙපමණ විශාල වන්දි මුදලක් ගෙවීමට ප්‍රමාණවත් මුදලක් තමා සන්තකයේ නැතැයි පැවසූ අතර, රටපුරා ලෝකය පුරා හිතවතුන්ගෙන් මෙන්ම පුළුපුළුවන් අයගෙන් ඒ සඳහා ආධාර උපකාර ලබා ගැනීමට බලාපොරොත්තු වන බව ද ප්‍රකාශ කළේය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

PSTA, POCA හරහා රජය ඒකාධිපති ආඥාදායක තනි පක්ෂ පාලනයක් කරා රට ගෙනයන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක සජිත්

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත (PSTA) සහ සංවිධානාත්මක අපරාධ...

අපේ සිහිනයට යෑම සඳහා විවිධ අණපනත් රෙගුලාසි සම්මත කරගන්න වේවි – මන්ත්‍රී සුරවීර

ජාතික ජන බලවේගයට බලය ලබාදුන් ජනතාව විසින් ලබාදී ඇති...

මාලිමාවේ ජාතික විධායක කමිටු සාමාජික ලාල් විජේනායක අභාවප්‍රාප්ත වෙයි !

ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජික ජ්‍යේෂ්ඨ නීතීඥ...

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...