තවත් ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් මෙන්න!

Date:

කොළඹ LNW:ජනාධිපතිවරණයට වැඩිම සුදුසුකම් ඇති පුද්ගලයා තමා බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

වැඩිම සුදුසුකම් තිබෙන පුද්ගලයා ලෙස තමන්ට ජනතාව රැස්වීම් තබා වියදම් කරන්නේ නම් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් විය හැකි බවයි වෙල්ගම මහතා සඳහන් කරන්නේ.

”ජනාධිපතිවරණයට වැඩිම සුදුසුකම් ඇති පුද්ගලයා මම. ඒ නිසා ජනතාව රැස්වීම් තියෙනවා නම් වියදම් දරනවා නම් මටත් ජනාධිපතිවරණයට එන්න පුළුවන්. මම තවම කේන්දරය බැලුවේ නැහැ. නමුත් තාරකාවක් තියෙනවා. ඔය කියන ටයි කෝටි කාරයෝ හෝ කියන කවුරුත් එන්නේ නෑ. එන අය එන්නේ පස්සේ. ආර්ථික අමාරුකම් තියෙනවා කීවට උන් පවුල් පිටින් රට යනවා. යන්නේ ෆස්ට් ක්ලාස්. ගිහින් ඉන්නේ හොද හෝටල්වල. මේවා නතර වෙන්න ඕන. මොන ආර්ථික අර්බුදය තිබුණත් ඡන්ද තියන්නත් ඕන. රනිල් වික්‍රමසිංහ ජනාධිපති ගේ හොද නරක දෙකම තියෙනවා .කොහොම වුණත් ජනතාවගේ පැත්තෙන් ඔවුන් ඉන්නේ අමාරුවෙන් ඉන්නේ. ජනතාව අසරණයි” යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

කෙසේවෙතත් පසුගිය අරගලයේදී වෙල්ගම මහතාද තරුණයින්ගේ ප්‍රහාරකට ලක්ව රෝහල්ගතව ප්‍රතිකාරද ලබා ගැනීමටද සිදුවූ ජනතා නියෝජිතයෙකි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...

අමරකීර්ති ඝාතනයේ බෙදුනු නඩු තීන්දුව – සභාපති විනිසුරු සියලු විත්තිකරුවන් නිදොස්කොට නිදහස් කරලා

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාව...

Wanderlust Wednesday: සිංදු කියන මාලුවන්ගේ කසුකුසුව සොයා යන මඩකලපු සවාරිය! Discovering the Cultural Tapestry of Batticaloa Heritage District, Sri Lanka 🇱🇰

සටහන – පුලී පෙබරවාරි 11, LNW (කොළඹ): Batticaloa (දෙමළ: මට්ටක්කලප්පු; සිංහල:...