තවත් ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් මෙන්න!

Date:

කොළඹ LNW:ජනාධිපතිවරණයට වැඩිම සුදුසුකම් ඇති පුද්ගලයා තමා බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

වැඩිම සුදුසුකම් තිබෙන පුද්ගලයා ලෙස තමන්ට ජනතාව රැස්වීම් තබා වියදම් කරන්නේ නම් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් විය හැකි බවයි වෙල්ගම මහතා සඳහන් කරන්නේ.

”ජනාධිපතිවරණයට වැඩිම සුදුසුකම් ඇති පුද්ගලයා මම. ඒ නිසා ජනතාව රැස්වීම් තියෙනවා නම් වියදම් දරනවා නම් මටත් ජනාධිපතිවරණයට එන්න පුළුවන්. මම තවම කේන්දරය බැලුවේ නැහැ. නමුත් තාරකාවක් තියෙනවා. ඔය කියන ටයි කෝටි කාරයෝ හෝ කියන කවුරුත් එන්නේ නෑ. එන අය එන්නේ පස්සේ. ආර්ථික අමාරුකම් තියෙනවා කීවට උන් පවුල් පිටින් රට යනවා. යන්නේ ෆස්ට් ක්ලාස්. ගිහින් ඉන්නේ හොද හෝටල්වල. මේවා නතර වෙන්න ඕන. මොන ආර්ථික අර්බුදය තිබුණත් ඡන්ද තියන්නත් ඕන. රනිල් වික්‍රමසිංහ ජනාධිපති ගේ හොද නරක දෙකම තියෙනවා .කොහොම වුණත් ජනතාවගේ පැත්තෙන් ඔවුන් ඉන්නේ අමාරුවෙන් ඉන්නේ. ජනතාව අසරණයි” යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

කෙසේවෙතත් පසුගිය අරගලයේදී වෙල්ගම මහතාද තරුණයින්ගේ ප්‍රහාරකට ලක්ව රෝහල්ගතව ප්‍රතිකාරද ලබා ගැනීමටද සිදුවූ ජනතා නියෝජිතයෙකි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

6 ශ්‍රේණිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්න – දෙමව්පියන් නිහඩ විරෝධයක් අරඹයි!

කොළඹ LNW:තාවකාලිකව නතර කරන ලද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යළි ක්‍රියාත්මක...

2026 බදු අදායම් ඉලක්කය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:2026 වසරේ රජයේ බදු ආදායම් ඉලක්කය රු....

වයසට අභියෝග කරන හොලිවුඩයේ ජීවමාන පුරාවෘත්තයන්!

සටහන – පුලී ජනවාරි 19, කොළඹ (LNW):ලෝකයේ කීර්තියට පාත්‍ර වූ...