පාසල් නිවාඩුව දින කිහිපයකින් ඉදිරියට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 17 කොළඹ (LNW): 2023 වසරේ පාසල් 03 වන වාරයේ දෙවන අදියර එළඹෙන 05වැනිදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරයි.

ඒ, උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රය එළඹෙන 01වැනිදා පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කිරීම හේතුවෙන් බව දක්වා ඇත.

මීට පෙර 2023 වසරේ 03 වන පාසල් වාරයේ දෙවන අදියර එළඹෙන 01වැනිදා ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබුණු අතර උසස් පෙළ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍ර වල ප්‍රශ්න කිහිපයක් විභාගයට පෙර පිටවීම හේතුවෙන් නැවත පැවැත්වීමට තීරණය කළේය.

එබැවින්, කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටස එළඹෙන 01 වැනිදා උදෑසන 08.30 සිට 11.40 දක්වා පැවැත්වීමට නියමිත අතර එහි පළමු කොටස එදිනම පස්වරු 01.00 සිට 03.00 දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්මේන්තුව පවසයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

TLC Triathlon 2025 සාර්ථකව නිමාවට පත්වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : TLC Triathlon 2025...

මහනුවරින් ක්‍රිකට් පුහුණුකරුවන්ට බින්දුවේ සිට පුහුණු කරන්න කියා දෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: පූර්ණ සුදුසුකම් ලත් ක්‍රිකට්...

හරිනිටත් බාස්කට් බෝලයක් බස්සල ද?

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ඕනෑම ක්‍රීඩාවක පාසල් මට්ටම...

ගාසාවේ තාවකාලික කූඩාරම් ගංවතුරෙන් යටවෙයි: දහස් ගණන් පීඩාවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ වෙරළබඩ...