විදුලියට වඩා වාහනවලට මුල්තැන දෙන්න වෙනවා – ගම්මන්පිල රටම කළුවරේ තියන්න සැරසෙයි

Date:

විදුලිය නිෂ්පාදනය වඩා ප්‍රවාහන ක්ෂේත්‍රයට ඉන්ධන සැපයීමට ප්‍රමුඛතාවය ලබා දියයුතු බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අවධාරණය කරයි.

“තීරණයක් ගත්තා කියනවාට වඩා හොඳයි තීරණයක් ගන්න සිද්ධ වෙලා තියෙනවා. මොකද අපේ රටේ තෙල් උල්පත් ඇත්තෙත් නෑ, ගෙනාපු විශාල වශයෙන් තෙල් තොග ඇත්තෙත් නෑ. ඒ අයට තෙල් ගෙනල්ලා දෙන්න මං ගාව ඩොලර් ඇත්තෙත් නෑ. ඒ නිසා තමයි ඩොලර් දුන්නොත් තෙල් ගෙනැවිත් දෙන්නම් කියන්න අකමැත්තෙන් වුණත් සිද්ධ වුණේ.

අපේ මේ වනවිට ඩීසල් නැව් දෙකක්, මෙට්‍රික් ටොන් 76,000ක් තියෙන ඩීසල් නැව් දෙකක් මුහුද මැද තියෙනවා. ඒකෙන් එකක් ගොඩබා ගැනීමට අවශ්‍ය ඩොලර් ටික සපයා දුන්නොත් අපි ඔවුන්ට නැවත ඩීසල් ලබා දෙන්නම් කියලා දැනුම් දී තිබෙනවා. ඔබ මට කියන්න, ඩොලර් නැතුව මේ රටට තෙල් ගේන්න ක්‍රමවේදයක් මට කියලා දුන්නොත් මට ඒ විදියට ගෙන්නලා දෙන්න පුළුවන්. මේ රටට ඩොලර් සැපයීමේ වගකීම තියෙන්නෙ මට නෙවෙයි”

”අපි තියෙන තෙල් විදුලිබල මණ්ඩලයට දුන්නොත් රට නතර වෙනවා. මතක තියාගන්න විදුලිය සැපයීම කියන එක පාලනය කරන්න පුළුවන් කාරණයක්. පැය 24 ම විදුලිය දෙන්නත් පුළුවන්, පැය 24 ම විදුලිය නොදී ඉන්නත් පුළුවන්, පැයක් දෙකක් තුනක් වශයෙන් විදුලිය කප්පාදු කරන්නත් පුළුවන්. හැබැයි ප්‍රවාහන ක්ෂේත්‍රයේදී එක්කෝ ඉන්ධන ඇත, එක්කෝ ඉන්ධන නැත. ප්‍රවාහන ක්ෂේත්‍රයට අනිවාර්යයෙන්ම ප්‍රමුඛතාවය දෙන්න වෙනවා විදුලිබල ක්ෂේත්‍රයට වඩා”

අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මේ බව පැවසුවේ ඊයේ (17) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

චීනයේ ඉහලම ජෙනරාල්වරයකු න්‍යෂ්ටික හා මිසයිල සම්බන්ධ රාජ්‍ය රහස් එක්සත් ජනපදයට කාන්දු කළ බවට චෝදනා ලබයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ජ්‍යෙෂ්ඨතම හමුදා...

2025 අපනයන ආදායමේ කැපී පෙනෙන වෙනසක් – වෙලා තියෙන වෙනස මෙන්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2025 දී ශ්‍රී ලංකාවේ අපනයන අංශය...