විදුලියට වඩා වාහනවලට මුල්තැන දෙන්න වෙනවා – ගම්මන්පිල රටම කළුවරේ තියන්න සැරසෙයි

Date:

විදුලිය නිෂ්පාදනය වඩා ප්‍රවාහන ක්ෂේත්‍රයට ඉන්ධන සැපයීමට ප්‍රමුඛතාවය ලබා දියයුතු බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අවධාරණය කරයි.

“තීරණයක් ගත්තා කියනවාට වඩා හොඳයි තීරණයක් ගන්න සිද්ධ වෙලා තියෙනවා. මොකද අපේ රටේ තෙල් උල්පත් ඇත්තෙත් නෑ, ගෙනාපු විශාල වශයෙන් තෙල් තොග ඇත්තෙත් නෑ. ඒ අයට තෙල් ගෙනල්ලා දෙන්න මං ගාව ඩොලර් ඇත්තෙත් නෑ. ඒ නිසා තමයි ඩොලර් දුන්නොත් තෙල් ගෙනැවිත් දෙන්නම් කියන්න අකමැත්තෙන් වුණත් සිද්ධ වුණේ.

අපේ මේ වනවිට ඩීසල් නැව් දෙකක්, මෙට්‍රික් ටොන් 76,000ක් තියෙන ඩීසල් නැව් දෙකක් මුහුද මැද තියෙනවා. ඒකෙන් එකක් ගොඩබා ගැනීමට අවශ්‍ය ඩොලර් ටික සපයා දුන්නොත් අපි ඔවුන්ට නැවත ඩීසල් ලබා දෙන්නම් කියලා දැනුම් දී තිබෙනවා. ඔබ මට කියන්න, ඩොලර් නැතුව මේ රටට තෙල් ගේන්න ක්‍රමවේදයක් මට කියලා දුන්නොත් මට ඒ විදියට ගෙන්නලා දෙන්න පුළුවන්. මේ රටට ඩොලර් සැපයීමේ වගකීම තියෙන්නෙ මට නෙවෙයි”

”අපි තියෙන තෙල් විදුලිබල මණ්ඩලයට දුන්නොත් රට නතර වෙනවා. මතක තියාගන්න විදුලිය සැපයීම කියන එක පාලනය කරන්න පුළුවන් කාරණයක්. පැය 24 ම විදුලිය දෙන්නත් පුළුවන්, පැය 24 ම විදුලිය නොදී ඉන්නත් පුළුවන්, පැයක් දෙකක් තුනක් වශයෙන් විදුලිය කප්පාදු කරන්නත් පුළුවන්. හැබැයි ප්‍රවාහන ක්ෂේත්‍රයේදී එක්කෝ ඉන්ධන ඇත, එක්කෝ ඉන්ධන නැත. ප්‍රවාහන ක්ෂේත්‍රයට අනිවාර්යයෙන්ම ප්‍රමුඛතාවය දෙන්න වෙනවා විදුලිබල ක්ෂේත්‍රයට වඩා”

අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මේ බව පැවසුවේ ඊයේ (17) දිනයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...