*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

ඉඟි බිඟි…!!!

පසුගිය සතියේ රටෙ දිශානතිය අගවන සිදුවීමි රැසක් සිදුවුනා..ඒ ජනපති වසර පහක වැඩ තුනකින් කරන බව කීමෙන් පසුවයි..

සිරීපාද වන්දනා සමය අරඹමින් අතිවිශාල ජනකායක් වන්දනාවෙි යෙදුනා. සෞඛ්‍ය නීතී තුටිටුවකටත් නොසැලකූ ඔවුන් වසර දෙකක් පුරා තමන් වසංගතයක් නිසා සිරගෙයක සිටි බව පසක් කලා. කූරගලටත් ආවා දසදහස් ගනනින් තාමත් එනවා. සෞඛ්‍ය නීතීනමි ලෙෆ්ටි.රත්නපුර සමන් දේවාලයටත් ආවා..අනපේක්ෂිතව.මීරිගම යග්ගපිටියටත් ආවා මදි නොකියන්නම. ආසන පනවන්නත් විදිහක් නැහැ මහා ජනගඟක් එතනත්…ජොනීගෙලු සෙනඟ මෙතරමි සෙනගක් ගෙන එන්නට පුළුවන් කියන්නේ අමුතුම පණිවිඩයක් සමාජයට දෙනවා කියන එකයි.

වැඩ කරන අයට සෙනග ඉන්නවා.රැස්වූ ජනයා ජනපතිට අගමැතිට ජය පැතුවා.. ඒත් ඔවුන් තමන් වසංගතයක් නිසා විඳි දුක් කියන්නට ගියේ නැහැ.

ඒ රට හදන්නට පුළුවන් මෙ සුසංයෝගයට කියලා දන්න නිසාත්.. මෙම වසංගතය ලෝකයට පොදු දෙයක් වූ නිසාත්ය.වත්මන් පාලනය හොද හිතින් වුවද තමන් අතින් සිදුවුන වැරදි සහ අතපසුවීමි දැන්වත් පිලිගත යුතුයි..

1) බලයට පැමිනි වහාම රජයට ලැබෙන බදුමුදල් අඩු කලා..

2) ජරාජීර්ණ දේශපාලුවන්ට ඇමති තනතුරැ දුන්නා අගමැති තුමන්ගේ නිර්දේශ නිසා. ඔවුන්ගේ අමාත්‍යාංශවල වැඩ කටයුතු තවමත් අසාර්ථකයි.

3) හෙන ගහන්නාවගේ කාබනික පොහොර පමනක් කතාව ගෙනාවා. කීප දෙනෙකුගේ වැරදි උපදෙස් මත කාබනික ගොවිතැන සහ කාබනික පොහොර පටලවා ගත්තා. හොද අරමුනකින් වුනත් සිදුවූයේ බලවත් වරදක් බව හැගී යායුතුයි..හොද පරමාර්ථයටවත් නිලධාරීන් උදවි කලේ නැහැ..

4)ගෑස් සංයුතිය වෙනස් කලේ වත්මන් සභාපති නොවූවත් ඒ වරද සමාජයට බරපතල වරදක් කලා. මරණ බය ඇතිකලා.. මාධ්‍ය එක දෙක කර පෙන්නුවා..තෙෂර තවදුරටත් සිටිය යුතුයි. ඊළග ගෑස් ටෙන්ඩරය අවසන්වන තෙක්ම. ඔහුව ඉවත්කරන්න දගලන්නේ ඇයි කියලා ජනපති දන්නවා..

5) පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසන් වාර්තාව ක්‍රියාත්මක කරන්න. හිටපු ජනපති මෛත්‍රී මොන තරමි බරපතල වරදක්ද කලේ කියා එම වාර්තාව පැහැදිලිවම පෙන්වනවා නමි කාට වුනත් නීතිය ක්‍රියාත්මක විය යුතුයි…එය අමුතු දෙයක් නොවිය යුතුයි..

6) තාක්ෂණික හේතු මත ඉල්ලා අස්කරගත් නඩු නීතිපති විසින් යලි සකසා ඉදිරිපත් කල යුතුයි..

7) ජිනීවා මානව හිමිකමි කමිටුවට අසත්‍ය තොරතුරැ ලබා දුන් අය හෙලි කරන්න..

8)2007 දී යුද්ධය පවතිත්දී දැනටත් වඩා දරැණු විදෙස් විනිමය සංචිතයේ අඩුවීමක් සිදුවුනත් වත්මන් මහ බැංකු අධිපතිවරයාම එවකට එම තත්වය සාර්ථකව කළමනාකරනය කල අයුරින්ම යලිත් විදෙස් විනිමය සංචිතය යථාවත් කිරීමට අවශ්‍ය පියවර ගන්න.නව ව්‍යවස්ථාව ගෙන එන්න.

9) නෛතිකව කල නොහැකි නිසා සියළුම මැතිවරණ 2025 දක්වාම කල් දමන්න..

10) මීලඟ පලමු මැතිවරණය 2025 දී ජනමත විචාරණයක් විය යුතුයි.

එය නව ව්‍යවස්ථාවට හෝ වෙනත් සාධනීය කරැණක් අරභයා විය යුතුයි..රටෙ ජනතාව වඩාත් කැමති ජනපති තුමන්ට වඩා හිටපු ආරක්ෂක ලේකමිට බව අවසන් වශයෙන් සනිටුහන් කරමි..පරාක්‍රම බස්නායක..

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan