OCA ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය මෙන්න!

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය කථානායකවරයා අවෙත දැනුම් දී තිබුණි.

ඒ අනුව එය අද (21) පාර්ලිමේන්තුවේදී කථානායකවරයා විසින් සභාවට දැනුම් දෙන ලදී.

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බවක් නොපෙනෙන අතර සංශෝධන කිහිපයකට යටත්ව එය පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.

කෙසේවෙතත් මෙම පනතට එරෙහිව පාර්ශව කිහිපයක්ම තවදුරටත් විරෝධයේ නියැලෙන අතර එය වහාම හකුළා ගන්නා ලෙසයි ඔවුන් රජයට බලකරමින් සිටින්නේ.

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත සහ ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත මගින් රාජ්‍ය ත්‍රස්තවාදය මුදාහැරීමක් සිදුවන බව ඊට එරෙහි පාර්ශව අවධාරණය කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“US FBI නිලධාරීන්” ශ්‍රී ලංකා පොලිසියේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ සාකච්ඡා!

රෂිකා හෙන්නායක නොවැම්බර් 21, කොළඹ LNW: එක්සත් ජනපද ෆෙඩරල් විමර්ශන...

කුසට සාගිනි, හදට සෝගිනි, පැලවත්තට ලැම්බෝගිනි, ජනතාවට බඩගිනි – කබීර්

මෙතෙක් ඉතිහාසය තුළ ශ්‍රී ලංකාවට රොල්ස් රොයිස් ඇතුළු අධිසුඛෝපභෝගී...

යුරෝපය සමඟ ආර්ථික හා වෙළෙඳ සබඳතා තවත් ශක්තිමත් කිරීමට බ්‍රිතාන්‍යය සැලසුම් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 21 : යුරෝපා සංගමය...

රොටුඹ අමිල සහ සංජය මහවත්ත එකම ගුවන් යානයෙන් ලංකාවට

රුසියාවෙන් මෙරටට පිටුවහල් කරන ලද සංවිධානත්මක අපරාධකරුවකු වන අමිල...