අවංකවම පිළිගන්න ඕන, ආණ්ඩුව ෆේල් – මහින්ද අමරවීර

0
539

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල දිගින් දිගටම අවප්‍රමාණය වෙමින් තිබෙන බවත් මෙම තත්වය පාලනය කර ගැනීමට වත්මන් ආණ්ඩුව අසමත් වී ඇති බවත් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අර්බුද රැසකට හේතුව රුපියල අවප්‍රමාණය වීම හා ඩොලර් නොමැති වීම බව පෙන්වා දෙන ඇමතිවරයා සඳහන් කරන්නේ කුමන කතා කීවද ආණ්ඩුව මෙම අර්බුදය සමනය කර ගැනීමට අසමත් බවයි.

මෙම අසමත් බව අවංකවම පිළිගත යුතු බවයි අමරවීර මහතා ප්‍රකාශ කරන්නේ.

ආසන්න වශයෙන් රුපියල් බිලියන 17,200 ක් පමණ විදේශ ණය තිබෙන බවත් පසුගිය කාලයේදී ගත් ණය සහ ඉදිරියේදී ගැනීමට නියමිත ණයද එකතු වූ විට එම අගය තවත් සැළකිය යුතු ප්‍රමාණයකින් ඉහළ යන බවත් පෙන්වා දෙන පරිසර ඇමතිවරයා සඳහන් කරන්නේ මෙරට ජනතාවගේ ඒකපුද්ගල ණය ප්‍රමාණය ලක්ෂ 08 ඉක්මවා යාමට ආසන්න වී ඇති බවයි.

1977 වසරින් පසුව බලයේ සිටි සියලු නායකයන් මෙම තත්වයට වගකිව යුතු බවත්, ඔවුන් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවට සිදුකළේ රටේ ජනතාවට උගසට තබා දිගින් දිගටම ණය ලබා ගැනීම බවත් අමරවීර මහතා පවසනවා.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here