බෝගම්බර බන්ධනාගාරයට රැඳවියන් මාරු කිරීම ආරම්භ වෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW :

බෝගම්බර බන්ධනාගාරය වෙත රැඳවියන් මාරු කිරීම ආරම්භ වී තිබේ.

මේ වන විටත් රැඳවියන් 100 දෙනෙකු එම ස්ථානය වෙත මාරු කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක පල්ලෙතැන්න මහතා පැවසීය.

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සහ මැගසින් රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින රැඳවියන් 1,000ක් පමණ බෝගම්බර බන්ධනාගාරය වෙත තාවකාලිකව මාරු කිරීමට නියමිත බව ද ඔහු සඳහන් කළේය.

දිවයින පුරා පිහිටි බන්ධනාගාරවල දැනට රිමාන්ඩ් භාරයේ පසුවන සැකකරුවන් 25,000ක් පමණ සිටින බව ද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

සමස්තයක් ලෙස, දිවයින පුරා පිහිටි බන්ධනාගාරවල දැනට රැඳවියන් 36,000ක් පමණ රඳවා සිටිති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (10) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 10) දිනයේදී දිවයිනේ බොහෝ...

PAN ASIA බැංකුවේ ණයකර නිකුතුවට අධි ඉල්ලුමක්

පෑන් ඒෂියා බැංකුවේ රුපියල් බිලියන 5ක් දක්වා වූ ජ්‍යෙෂ්ඨ,...

පඩි මදි නම් වැඩි කරගමු, අමතර වංගු ගහන්න යන්න එපා – ඇමති වසන්ත රාජ්‍ය සේවකයින්ට කියයි

සටහන - රුවන් නෙළුගොල්ල දේශපාලන ක්ෂේත්‍රය තුළ වංචාව සහ හොරකම...

විමල් වීරවංශට එරෙහිව නඩු පැවරීමේ තීරණයක්!

කොළඹ LNW:පසුගිය සැප්තැම්බර් මස අනුරාධපුරයේදී පැවති ශ්‍රී ලංකා පොදුජන...