බෝගම්බර බන්ධනාගාරයට රැඳවියන් මාරු කිරීම ආරම්භ වෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW :

බෝගම්බර බන්ධනාගාරය වෙත රැඳවියන් මාරු කිරීම ආරම්භ වී තිබේ.

මේ වන විටත් රැඳවියන් 100 දෙනෙකු එම ස්ථානය වෙත මාරු කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක පල්ලෙතැන්න මහතා පැවසීය.

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සහ මැගසින් රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින රැඳවියන් 1,000ක් පමණ බෝගම්බර බන්ධනාගාරය වෙත තාවකාලිකව මාරු කිරීමට නියමිත බව ද ඔහු සඳහන් කළේය.

දිවයින පුරා පිහිටි බන්ධනාගාරවල දැනට රිමාන්ඩ් භාරයේ පසුවන සැකකරුවන් 25,000ක් පමණ සිටින බව ද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

සමස්තයක් ලෙස, දිවයින පුරා පිහිටි බන්ධනාගාරවල දැනට රැඳවියන් 36,000ක් පමණ රඳවා සිටිති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අගතියට පත් සූර්ය බලශක්ති නියෝජිතයින්ගේ ගැටලු අරන් විපක්ෂ නායක ප්‍රංශ තානාපතිවරයා හමුවෙයි!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති කර්මාන්තය මුහුණ දෙන අභියෝග...

කටුනායකට නව ගුවන් යානා ඉන්ධන නල මාර්ගය ඉදිකිරීම අද(02) ඇරඹේ..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : මුතුරාජවෙල සිට කටුනායක...

“කාවන්තිස්ස” නැවත නැගී සිටි ඇත් රජු නුඹමැයි..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : ලංකාවේ උසම ඇතාගේ...

ගෝඨාගේ රිට් පෙත්සමට මොකද වුණේ?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : අභියාචනාධිකරණය විසින් හිටපු...