ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ පළමු ගුවන් හමුදාධිපති අභාවප්‍රාත්ත වෙයි

Date:

එයාර් චිෆ් මාර්ෂල් පත්මන් හරිප්‍රසාද් මෙන්ඩිස් (පැඩි මෙන්ඩිස්) 1933 වර්ෂයේ ජනවාරි මස 24 වන දින උපත ලැබු අතර ඔහු 1951 වසරේ අගෝස්තු මස 08 වන දින රාජකීය ලංකා ගුවන් හමුදාවේ පස්වන ආධුනික නිළධාරියා ලෙස රාජකිය ලංකා ගුවන් හමුදාවට එක් විය. අනතුරුව එතුමන් මුලික පුහූණුව හා ගුවන් නියමු උපදේශයක පුහුණුව එක්සත් රාජධානිය (United kingdom) ලැබු අතර එවකට බලපංති ලූතිනන් ( Flying lieutenant) පිඑචි මෙන්ඩිස් සුදුසුකමි ලත් පියාසර උපදේශකයකු ලෙස පූහූණුව ලැබු පළමු ශ්‍රි ලාංකිකයා ද විය.

ඉතා දක්ෂ නිළධාරියකු වු එයාර් චිෆ් මාර්ෂල් පිඑචි මෙන්ඩිස් මහතා 1971 වසරේ ජනවාරි මස 01 වන දින රාජකීය ලංකා ගුවන් හමුදවේ සිවිවන ගුවන් හමුදාධිපතිවරයා වශයෙන් පත් වු අතර එතුමන් රාජකීය ලංකා ගුවන් හමුදාවෙන් වෘත්තීය ජිවිතය ආරමිභ කරමින් එම හමුදාවේම ගුවන් හමුදාධිපතිවරයා ලෙස පත්වු පළමු ශ්‍රී ලංකිකයා ද විය.

වර්ෂ 1972 දි ශ්‍රි ලංකාව ජනරජයක් විමත් සමග රාජකිය ලංකා ගුවන් හමුදාව ශ්‍රි ලංකා ගුවන් හමුදාව බවට පත්විය. ඒ සමගම ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ පළමු ගුවන් හමුදා‍ධිපති ලෙස එයාර් චිෆ් මාර්ෂල් පිඑචි මෙන්ඩිස් මහතා ඉතිහාස ගතවිය.

ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ දක්ෂ හා කිර්තිමත් ගුවන් හමුදාධිපතිවරයෙකු වු එයාර් චිෆ් මාර්ෂල් පිඑචි මෙන්ඩිස් මහතා 2021 ජනවාරි මස 18 වන දින අභවප්‍රාත්ත වු අතර අවසන් ගෞරව දැක්විම සදහා දේහය මේ වනවිට ගල්කිස්ස ප්‍රදේශයේ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර ඇත.

දේහය පිළිබද අවසන් කටයුතු 2021 ජනවාරි මස 19 වන දින පස්වරු 0200 පැයට ගල්කිස්ස නිසල සෙවන පොදු සුසාන භූමියේදි පුර්ණ ගුවන් හමුදා ගෞරව සහිතව සිදු කිරිමට නියමිතව ඇත.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Wanderlust Wednesday: මහනුවර ප්‍රෞඩත්වය! (Kandy, Sri Lanka)

සෑම බඳාදා දිනකම “Wanderlust Wednesday” තුළින් ඔබට ලස්සන තැන්,...

වීදි කලාවෙන් ඔබ්බට යමක් අදත්!

සටහන – පුලී අගෝස්තු 06, කොළඹ (LNW): නෝර්වේ හි නාගරික...

වැඩිම ලකුණු ටෙස්ට් ඉණිම සහ අනාගතය වෙනුවෙන් මහේල මතු වූ ටෙස්ට් තරගයට වසර 28 ක්

නිශ්මං රණසිංහ අගෝස්තු 06, කොළඹ LNW: වර්ෂය 1997 ය.දිනය අගෝස්තු 6...

මත්ද්‍රව්‍ය හා පාතාලය මර්දනය කිරීමේ මෙහෙයුම් අඛණ්ඩව – ඊයෙත් 1000කට වැඩි පිරිසක් අත්අඩංගුවට!

කොළඹ LNW:මත්ද්‍රව්‍ය හා පාතාල ක‍්‍රියාකාරකම් මර්ධනය කිරීම අරමුණු කර...