ලංගමෙන් හඳුන්වා දෙන අලුත් ම අත්දැකීම “කොලොම්පුර චාරිකා”!

Date:

සටහන – නිපුනි ලියනගේ

ජනවාරි 18,
කොළඹ (LNW): ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (ශ්‍රී ලංගම) ආයතනයේ 66 වසරක ඉතිහාසයේ පළමු උත්සාහය ලෙස ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ‘කොලොම්පුර චාරිකා’ නමින් සුවිශේෂී සුඛෝපභෝගී බස් සේවාවක් ආරම්භ කරන බව නිවේදනය කර ඇත.

ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මේ සඳහා නම් කර ඇති බස් රථවල පූර්ණ පරීක්ෂාවක් සිදු කරන ලදී.

නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කරමින් මෙම වැඩසටහනේ මූලික අදියර කොළඹ දිස්ත්‍රික්කය තුළ සංචාරක කලාප හතක් ආවරණය කිරීමට නියමිතය.

මෙම බස් රථවල සුදුසුකම් ලත් බස් රථ රියදුරෙකු, කොන්දොස්තරවරයෙකු සහ කැපවූ සේවා නිලධාරියෙකුගෙන් සමන්විත වේ.

කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටි විවිධ ආගමික හා සංස්කෘතික ස්ථාන නැරඹීමට සංචාරකයින්ට බාධාවකින් තොරව ප්‍රවේශය ලබා දෙන ලෙස අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අදාළ බලධාරීන්ට නියෝග නිකුත් කර තිබේ.

මෙම මුලපිරීම මඟින් සංචාරකයන් අලුත් අත්දැකීමක් සමඟ එක්රොක් වනවා නොඅනුමානය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ...

ලාෆ්ස් ගෑස් මිල ඉහළට

සටහන - රුවන් නෙළුගොල්ල 2026 ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක...

වසරේ පළමු දවසේම වෙඩිතැබීමක් – එක් අයෙකු මරුට. දෙදෙනෙකු රෝහලට !

සටහන - රුවන් නෙළුගොල්ල නවගමුව, කොරතොට මැණිකාගාර පාර ප්‍රදේශයේදී ඊයේ...

පාසල් වේලාව දීර්ඝ නොකෙරේ – අධ්‍යාපන අමාත්‍යාංශයේ නවතම නිවේදනය මෙන්න !

සටහන - රුවන් නෙළුගොල්ල 2026 වසර තුළ පාසල් පවත්වන වේලාව...