වැඩිම ලකුණු ලබා ගැනීමත් ශ්‍රී ලංකාවෙන් අඩුම ලකුණු දීමත් ලංකාවෙන්

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජනවාරි 19 ,(LNW)කොළඹ :

මැලේසියාවේ පැවත්වෙන අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වූ පළමු තරගය ලකුණු 139 න් ජය ගන්නට සමත් වුණා.එහිදී මේ දක්වා මෙවර තරගාවලියේ වැඩිම ලකුණු ප්‍රමාණය ලබා ගත් කණ්ඩායම බවට ශ්‍රී ලංකාව පත් වෙමින් කඩුලු 6 ට ලකුණු 162 ක් රැස් කරනු ලැබුවා.එහිදී හ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු 52 දී ලකුණු 55 ක් ලැබූ දැහැමි සෙනෙත්මා මෙම ජයග්‍රහණයේ වීරවරිය ලෙස නම් කරනු ලැබුවා..


පිළිතුරු ඉණිමට පිටියට පිවිසි මැලේසියාව ලකුණු 23 ට සීමා වුණා.එය මෙවර තරගාවලියේ කණ්ඩායමක් ලැබූ අඩුම ලකුණු ප්‍රමානය වෙනවා.වැඩිම ලකුණු ලබා ගනිමින්,අඩුම ලකුණු ප්‍රමාණයක් ලබා දෙමින් මේ ජයග්‍රහණය ලබා ගන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නියන් අතරින් කැපී පෙණුනම පන්දු යවන්නිය වූයේ චමෝදි ප්‍රබෝධා මුණසිංහ යි.ඇය ලකුණු 5 ට දවා ගත් කඩුලු ප්‍රමාණය 3 ක්.එසේම ලිමන්සා තිලකරත්න ලකුණු 3 ට සහ මනුදි නානායක්කාර ලකුණු 8 ට ලෙස කඩුලු 2 බැගින් ලබා ගන්නට සමත් වුණා.


පිත්තෙන් දස්කම් දැක් වූ දැහැමි සෙනෙත්මාට සිය ඉණිම පහසු කරන්නට සමත් වූ පිතිකාරිණියන් වූයේ සංජනා කාවින්දි (30),හිරුණි හංසිකා (28) ක්‍රියාත්මක කළ ඉණිම් වූ අතර තරගයේ අවසාන පන්දු කිහිපයේදී ශෂිනි ගිම්හානි වේගවත් ලකුණු 13 ක් නොදැවී එක් කරන්නට සමත් වුණා.
දැහැමි තරගයෙන් අනතුරුව ප්‍රකාශ කළේ ඇය හර්ෂිතා මෙන් ක්‍රීඩා කරන්නට කැමති බවත්,ඇය ආසියානු කුසලානය දිනා දුන් ආකාරයට මෙම තරගාවලියේදී හ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රියා කරන්නට ඇය උත්සාහ කරන බවත්ය.නායිකා මනුදි නානායක්කාර සිය කණ්ඩායම ගැන ඉහළින්ම සතුට පත්ව ආඩමබරයෙන් සිටින අතර ඇය පැවසුවේ මෙම තරගයේදී තමන්ගේ ආඩම්බරයේ වැඩි කොටසට පිතිකාරිණියන් හොතු වූ බවය.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පෑලියගොඩ වෙඩිතැබීමක්. තුවාලකරුවෙකු රෝහලට !

සටහන - රුවන් නෙළුගොල්ල පෑලියගොඩ, ඥානරතන මාවත ප්‍රදේශයේ දී අද...

නි.ඇමති අරුණ ජයසේකරට එරෙහි විශ්වාසභංගය ගැන තීරණය ඉදිරියේදී – කථානායක

කොළඹ LNW:ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර...

ජනතාව මැරිලා ඉපදිලා නැහැ. පාතාලයේ අය ආයුධ පෙන්වන්න අරන් ගියේ රාජපක්ෂවරුන්ගේ කාලයේ කියල දන්නවා – පොහොට්ටු ලේකම්!

කොළඹ LNW:රාජපක්ෂවරුන්ගේ කාලයේ පාතාල සාමාජිකයින් ආයුධ පෙන්වන්න ගොස් වෙඩි...

කුරුඳු වගාව මහනුවර දිස්ත්‍රික්කය තුළ ව්‍යාප්තියට පියවර!

කොළඹ LNW: මහනුවර දිස්ත්‍රික්කය තුළ කුරුඳු වගාව ව්‍යාප්ත කිරීම...