බොරැල්ල දේවස්ථානයේ අත්බෝම්බ සිද්ධිය සම්බන්ධයෙන් වෛද්‍යවරයෙකු අත්අඩංගුවට !

Date:

බොරැල්ල, සියලු ශාන්තුවරයින්ගේ දේවස්ථානයෙහි අත්බෝම්බයක් තැබීමේ සිද්ධියට අදාළව විශ්‍රාමික වෛද්‍යවරයෙකු පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

පිළියන්දල ප්‍රදේශයේදී මෙම වෛද්‍යවරයාව අත් අඩංගුවට ගෙන ඇත්තේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පසුගියදා පනාමුර ප්‍රදේශයේදී අත් අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ තොරතුරුවලට අදාළව බවයි පොලිසිය පවසන්නේ.

පනාමුර ප්‍රදේශයෙන් අත් අඩංගුවට ගත් 65 හැවිරිදි සැකකරු ඉහත කී වෛද්‍යවරයාගේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයෙහි ආරක්ෂක නිලධාරියා වශයෙන් සේවය කර ඇති බව සඳහන්.

එසේම එකී සැකකරුට අත්බෝම්බය සහ එය තැබීම සඳහා ගාස්තු වශයෙන් මුදල් ලබාදී ඇත්තේ මෙම වෛද්‍යවරයා විසින් බව විමර්ශනවලදී අනාවරණය වී ඇති නමුත් ඊට හේතුව තවමත් නිශ්චිත ලෙස අනාවරණය වී නොමැති බවත් පොලිසිය පවසයි.

සැකකරුවන් දෙදෙනාම මේ වනවිට වරාය පොලිසියේ රඳවාගෙන සිටින අතර කොළඹ දකුණ අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.

මීට පෙර මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ දේවස්ථානයෙහිම සේවය කළ පුද්ගලයෙකුව අත් අඩංගුවට ගෙන තිබුණු අතර අත්බෝම්බය තැබුවේ තමන් යැයි එම පුද්ගලයා පාපොච්ඡාරණයක් කළ බවත් පොලිසිය ප්‍රකාශ කර තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩොනල්ඩ් ට්‍රම්ප් එප්ස්ටයින් ලිපිගොනු නිදහස් කිරීමේ පනතට අත්සන් තබයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : අපකීර්තියට පත්...

සමාව දෙන සමාජයක් බිහිකරමු ….

"සමාව දෙන්නෙ නෑ" කියන්නෙම පලිගැනීම සහිත චෛතසිකයක්. ඒක අශිෂ්ඨත්වයේ...

පාසල් පැසිපන්දුව අධ්‍යාපන අමාත්‍ය ධූරයට හෝ අධ්‍යාපන අමාත්‍යංශයට අදාල නැති ක්‍රීඩාවක් ද

නිශ්මං රණසිංහ නොවැම්බර් 20, කොළඹ LNW: පාසල් පැසි පන්දු ක්‍රීඩාවේ...

බංගලාදේශය පරදා ශ්‍රී ලංකාව අවසාන පූර්ව වටයට

නිශ්මං රණසිංහ නොවැම්බර් 20, කොළඹ LNW: ආසියානු නැගී එන ක්‍රිකට්...