සජිත් එක්ක එකතු වෙලා ආණ්ඩුව පෙරළන්න කැබිනට් ඇමැතිවරුත් සූදානමින්!(VIDEO)

Date:

පාර්ලිමේන්තුව තුළ ඔළුගෙඩි මාරුවකින් ආණ්ඩුව වෙනස් කිරීමේ හැකියාව මේ වන විට සජිත් ප්‍රේමදාස නායකතුමාට පවතින බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පැවසුවේය.

ඒ, අද (19) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

ආණ්ඩුවේ ප්‍රබල කැබිනට් ඇමතිවරු ආණ්ඩුව පෙරළා දමන්න අවශ්‍ය සැලසුම් සකස් කරමින් සිටින බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.

එවැනි බල පෙරළියකට මෙය අවස්ථාව නොවන අතර රට ගොඩනැගීමට නම් ආණ්ඩුවට කියන්නේ මැතිවරණයක් තියා ජනතාවට තමන්ගේ නායකයා තෝරාගැනීමට අවස්ථාව දෙන ලෙස යැයි හෙතෙම සඳහන් කළේය.

තවදුරටත් ජනතාව රවටමින් ආණ්ඩුව පවත්වාගෙන යා නොහැකි තරම් නරක තැනකට ආණ්ඩුව පත්ව සිටින බවයි මන්ත්‍රීවරයා කියාසිටියේ.

පල්ලිවල බෝම්බ අටවමින් එන ප්‍රශ්නවලට උත්තර සෙවීමට තවදුරටත් ආණ්ඩුව උත්සහ කරන්නේ රාජපක්ෂ මහත්වරු ගල් ගසා එලවන දවස වැඩි ඈතක නොවන බවද හේෂා විතානගේ මහතා අවධාරණය කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාව ජපානය සමඟ ගැටුමෙන් තරගාවලිය අරඹයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19...

කහ ජර්සිය සමඟ පිංතු මහනුවර සිට අනුරාධපුරයට

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: https://youtu.be/Y600dnlsI2c Lanka Ride තෙදින...

රන්වලගේ රිය අනතුර : තුවාලකරුවන්ගේ වෛද්‍ය වාර්තා තවමත් ලැබී නැතැයි පොලීසිය උසාවියට කියයි

සපුගස්කන්ද ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු කථානායක, පාර්ලිමේන්තු...

කළු ජනවාරියේ සළු පාලිය ….

මාළිමා ආණ්ඩුව සුරැකීමේ ව්‍යාපාරයේ "ජන බලය සාමූහිකය" විසින් 2026...